ඉතිහාසයේ කිසිම අවධියක නොවූ විරූ පරිසර හානියක් : තිස්ස ස ටත් සත්‍යාවබෝධ වේ !

ඉතිහාසයේ  කිසිම අවධියක නොවූ විරූ පරිසර හානියක් : තිස්ස ස ටත්  සත්‍යාවබෝධ වේ !

ප්‍රවීණ ජීවවිද්‍යා ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධ තිස්ස ජනනායක ගුරුවයා විසින් වර්තමාන රජය බලයට ගෙන ඒමේ දැවැන්ත සමාජ පරිවර්තන ක්‍රියාවට දායකවූයේ "එක් රටක් එක් නීතියක්,මාතෲ භූමියේ ආරක්ෂාව,ස්වභාවික පරිසරය හා වන සම්පත සුරකීම"  කරුණු සමාජගත කරමිනි..          

එහෙත් වත්මන් රජය බලයට පැමිනි පසු ඉතිහාසයේ නොවූ විරූ ලෙස අති දැවැන්ත පාරිසරික හානියක් සිදුවෙමින් පවතින බවත් එය කිසිවිටෙක වත්මන් රජයෙන් අපේක්ෂා නොකල ඉතා කනගාටුදායී සෝචනීයයි තත්වයක් බවත් ඔහු අදහස් දක්වමනින් පවසයි…

ග්‍රීන් ගෝල්ඩ් GREEN GOLD  සංකල්පය හා ශ්‍රී ලංකාව !      

වර්ථමාන ගෝලීය උණුසුම හා අති ධාවනකාරී සංවර්ධන ඉලක්ක නිසා ලෝකයේම විනාශ වෙමින් පවතින පාරිසරික වනාන්තර හා අභය භූමි ආරක්ෂා කිරීමටත් එසේ ස්වාභාවික පරිසරය ආරක්ෂා කරන රටවටල් වෙත සංවර්ධිත රටවලින් ගෙවීම් කරණ අවදියක ලෝකයම හැකි උපරිමයෙන් වනසම්පත් ආරක්ෂා කරමින් සංරක්ෂණට යන අවධියක වර්ථමාන පාලනය හමුවේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින සාපරාධී පාරිසරික හානිය හා එහි අති භයංකර ප්‍රතිවිපාක ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කරයි…   

ලොව ඕනෑම රටක අවමය වන වැස්ම 30% 35% පැවතිය යුතු උනත් වර්ථමාන ශ්‍රී ලංකාවේ එම අගය 20% කට අඩුවෙන් පවතින මොහොතක මේසා විශාල අනුකම්පා විරහිත වන විනාසයක් සිදු කිරීම ඊට අනුබල දීම හා නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඔහු ඉතා කණගාටුවන බවත් ඇතිවී ඇති ව්‍යසනය හමුවේ අසරණ බවත් පවසමින් ඔහු කියා සිටින්නේ ඉහළ දේශපාලණික පාන්තිය, මධ්‍යම දේශපාලණික පාන්තිය හා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ඍජු මැදිහත්වීම මත මේ මහා විනාශය සිදු වන බවයි….

සංවර්ධනයට අභයභූමි,වනාන්තරම හෙළිපෙහෙළි කලයුතුද?            

මේ මොහොත  වනවිටත් සමස්ත භූමි ප්‍රමාණයෙන් 80%ක් පමණ ප්‍රමාණයයක් මිනිසා සතුවන අතර රක්ෂිත,වනාන්තර,තෙත්බිම් හා අභයභූමි නොවන ඕනෑම සංසංවර්ධන ක්‍රියාවලියකට දායක කටගත හැකි භූමීන් සතුව තිබියදී ස්වාභාවික පාරිසරික පද්ධති ඉලක්ක කරගනිමින් මේ සිදුකරමින් පවතින විනාශය අනාගතයේ බහු ජාතික සමාගම් වලට එම භූමි කොටස් විකිණීමටදැයි බරපතල සැකයක් මතුවන බවයි.          

වැඩිදුරටත් විස්තර කරමින් ඔහු පෙන්වා දෙන්නේ මතු අනාගත පරපුරේත් ශ්‍රී ලාංකික භූමියේත් උන්නතිය හා ආරක්ෂාව වෙනුවෙන් වහාම දේශපාලණික භේදයකින් තොරව සියළුම ජනතාව එකමිටට එක්ව ඒ වෙනුවෙන් විරෝධතා පලකොට අපේ ස්වාභාවික සම්පත් ආරක්ශා කිරීමට එක්වන ලෙසයි….. 

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න