"මිහිඳු නිවහන" ව්‍යාපෘතිය අරඹයි

"මිහිඳු නිවහන" ව්‍යාපෘතිය අරඹයි

"මිහිඳු නිවහන" ව්‍යාපෘතිය භික්ෂූන් වහන්සේගේ මාපිය හිසට පමණක් නොව ශාසනයට ද, සෙවණ දෙන වැඩපිළිවෙළක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ අද පැවති "මිහිඳු නිවහන" ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට අද(07) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ‍ඒ පිළිබඳ අදහස් පළ කළේය. අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ, සම්බුදු සසුන රැකගැනීම සඳහා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මාපියන්ට උපහාර පිණිසයි.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව මෙහයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාමක කෙරේ.

හැවන්වැරෑව ග්‍රාමයේ බුද්ධම කෝසල හා බුද්ධම නන්දරතන හිමිවරුන්ගේ දෙමාපියන්වන ඩී.එම්. සීලවතී සහ ඩී.එම්. කිරිබණ්ඩා වෙනුවෙන් ඉදිකෙරෙන මිහිඳු නිවහන සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ඉන්දික අනුරුද්ධ මහත්වරු මුල්ගල් තැබූහ.

මෙහි දී මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන්ට පිළිගන්වන ලදි.

ප්‍රතිලාභීන් උදෙසා පළමු දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් එන්.එම්. විජේකෝන් බණ්ඩා, බී.ආර්.එම්. ගුණසේකර, ඒ.එම්. සෝමසිරි මහත්වරුන් වෙත චෙක්පත් අගමැතිතුමා විසින් ප්‍රදානය කළේය.

f27f34b04e577241abbb2ed74876bb68ee68573c

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න