සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

මේ වනවිට දිවයිනේ නන් දෙසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ලෙස දෛනිකව 600-800 අතර ප්‍රමාණයක් වාර්තා වූවත්, එම සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත පහසුකම් ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා) වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

කොපමණ දුෂ්කරතා බාධා පැමිණියත් මෙම කර්තව්‍ය නොපිරිහෙළා ඉටු කිරිමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් පිහිටුවන ලද විශේෂ ඒ්කකය මේ වන විට කටයුතු කරනු ලබන බව පෙන්වා දෙන වෛද්‍ය අන්වර් හම්දානි පසුගිය 2020 වසරේ ජනවාරි මස කොවිඩ් උවදුර ආරම්භ වන විට මෙරට එකම ප්‍රතිකාර මධ්‍යස්ථානය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) වූ බවත්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපෙදසේ හා මඟපෙන්වීම මත මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 79 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිහිටුවා ඇති බවත්, පෞද්ගලික අංශයේ ද හෝටල් සහ ගොඩනැගිලි ආශ්‍රිතව ප්‍රතිකාර මධ්‍යස්ථාන 05 ක් පිහිටුවා ඇති බවත් පෙන්වා දෙයි.

මෙම සියළු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල ගිලන් ඇඳන් 11,443 ක් තිබෙන බව ද අද දිනය වන විට මෙම සියළු ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොවිඩ් ආසාදිතයින් 6000 ක් ප්‍රතිකාර ලබමින් බවද පෙන්වා දෙන ඒ මහතා හදිසි හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන (ICU) 09 ක් දිවයින පුරා පිහිටුවා ඇති බවත්, ඒ් සදහා අවශ්‍ය සියළු වෛද්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපයා ඇති බවත් අවධාරණය කරයි.

මෙරට කිසිදු කොවිඩ් රෝගියෙකු නිවෙස් තුල රඳවා තබා හෝ රෝහල් කොරිඩෝ තුල තබාගෙන ප්‍රතිකාර සේවාවන් සිදු නොකොට ලොවටම ආදර්ශයක් සපයමින් ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක බැවින් කොවිඩ් වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු කිසිදු හේතුවක් නිසා බිය විය යුතු නැති බව ද වෛද්‍ය අන්වර් හම්දානි  වැඩිදුරටත් පවසයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න