කොරෝනා මර්දන එන්නත් ආනයනයට පෞද්ගලික අංශයටත් ඉඩ දෙන්න - ඉරාන්

කොරෝනා මර්දන එන්නත් ආනයනයට පෞද්ගලික අංශයටත් ඉඩ දෙන්න - ඉරාන්
"ශ්‍රී ලංකාවේ මිලියන විසි දෙකක් පමණ ජනතාවගෙන් මිලියන දාසයකට පමණ කෝවිඩ් එන්නත ලබා දිය යුතුවෙනවා. ඉන්දියාවෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු කෝවිඩ් එන්නත් ලක්ෂ 5 පුද්ගලයන් දෙලක්ෂ පනස් දාහක ට ප්‍රමාණවත්. ඉතිරි ජනතාවට රජය එන්නත ලබාදීමට හැකිවන්නේ කවදාද? " යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අවධාරණය කරයි.
 
ඒ දර්ශන හඳුන්ගොඩ සමග සම්මුඛ සාකච්ඡාවක් අවස්ථාවේ අදහස් දක්වමින් ය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මෙසේද පැවසීය.
 
රජයේ මුදලින් ගෙන්වා එන්නත් ජනතාවට ලබාදෙන අතර ඇති හැකි අය හට ලබාගැනීමට පෞද්ගලික අංශයටත් ලෝක සෞඛ්‍ය  සංවිධානය අනුමත එන්නත් ගෙන්වීමට අවස්ථාව සලැසිය යුතුයි.  එවිට අපනයන ක්ෂෙත්‍රයේ ව්‍යවසායකයන් තම කාර්ය මණ්ඩල සදහා එන්නත් පහසුකම් පෞද්ගලික අංශයෙන් සපුරා ගැනිමටත් අවස්ථාව උදාවෙනවා.
 
අපගේ අරමුණ විය යුත්තේ කඩිනමින් සියලු ජනතාවට එන්නත් ලබා දී සැමට ආරක්ෂා විමට අවස්ථාව සැළසිමයි.
 
රජය පරිපාලනයේ දුර්වලතාවය සෑම අංශ වලම පෙන්නුම් කරමින් සිටිනවා.
 
ගජ මිතුරු කල්ළියට කෝවිඩ් වලින් ජනතාව පිඩනයට පත්ව සිටින විට සීනි බද්ද සත විසිපහ කර බිලියන ගනන් ලාභ ලැබාගැනිමට සැලස්වුවා. 
 
රටක  ආර්ථිකයේ මූලික පදනම  රාජ්‍ය ආදායම ආරක්ෂා කර ගැනීමයි. මේ රජය බලයට පත්වූදා සිට රාජ්‍ය ආදායම තුනෙන් එකකින් පහල වැටීමට ලක්වුනා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න