විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ක්‍රමයට ලැප්ටොප්

විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ක්‍රමයට ලැප්ටොප්

විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

සමස්ත අධ්‍යාපන ක්‍රමය වර්තමාන අවශ්‍යතා අනුව ඩිජිටල්කරණය පිණිස “සෞභාග්‍යයේ දැක්මේ” අපේක්ෂාව පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහජන බැංකුවේ අනුග්‍රහයෙන් වැඩසටහන සැලසුම් කර තිබේ. මහජන බැංකුව ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි.

අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 04ක වගකීමක් සහිතව ලැප් ටොප් පරිගණක පිරිනැමේ. පරිගණකයක වටිනාකම රුපියල් 80,000කි. රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 06කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමේ.

ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුතු මුදල රුපියල් 500කි.

2021 වසර සඳහා විශ්වවිද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 06 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි භාරදීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න