පුත්තලමේ ලංකා සී ෆුඩ්ස් අගමැති අතින් විවෘත වෙයි

පුත්තලමේ ලංකා සී ෆුඩ්ස් අගමැති අතින් විවෘත වෙයි

පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ස්ථාපිත කළ ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදනාගාරය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් ඊයේ විවෘත විය.

විදේශ වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් මත්ස්‍ය අපනයනයේ යෙදෙන ලංකා සී ෆුඩ්ස් සමාගම රැකියා 600ක් පමණ උත්පාදනය කර තිබේ.

විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදනාගාරය තුළ ඉහළ ප්‍රමිතියෙන් යුතු මත්ස්‍ය සැකසුම් සිදුවන ආකාරය මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

අපනයන ප්‍රමිතියෙන් යුතු ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදන ඉදිරියේ දී දේශීය පාරිභෝගිකයන් උදෙසා රට පුරා පිහිටුවන වෙළඳසැල් ජාලාවක් ඔස්සේ මිලදී ගැනීමට අවස්ථාව උදා වේ.

ලංකා සී ෆුඩ්ස් ආයතනයේ ඉදිරි දැක්ම පිළිබඳව එහි සභාපති සරත් කිත්සිරි  මෙහිදී අග්‍රාමාත්‍යතුමාට පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්නේ, අශෝක ප්‍රියන්ත යන මහත්වරු ඇතුළු ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදනාගාරයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න