පාස්කු කොමිසමේ වාර්තාව : ජනාධිපති ලේකම්ට කට අරින්නම වෙන ලියුමක් !

පාස්කු කොමිසමේ වාර්තාව : ජනාධිපති ලේකම්ට කට අරින්නම වෙන ලියුමක් !
 පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට  පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට ලබා දී ඇති අතර එහි පිටපතක් ඉල්ලා බොදු බල සේනා සංවිධානය ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
 
බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය ලේකම් එරන්ද කේ නවරත්න විසින්  මෙම ලිපිය 2021-02-12 වනදා යොමුකර ඇති අතර ඊට පදනම් වී ඇත්තේ බොදු බල සේනා සංවිධානය පිළිබඳව The Morning පුවත්පත වාර්තා කර ඇති පුවතකි.
 
ගලගොඩඅත්තේ ඥානසාර හිමි ට අපරාධ චෝදනා ගොනුකරන ලෙස අදාළ කොමිසමේ නිර්දේශ අතර වන බව මෝර්නිං පුවත වන අතර ඒ සම්බන්ධව කරුණු දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය ලේකම් ලියූ ලිපියේ සඳහන් කර ඇත්තේ ,
 
 "මෙම පුවත සැබෑ පුවතක් ද යන්න නිළ වශයෙන් දන්නේ කොමිෂන් සභා වාර්තාව සකස්කළ පාර්ශවය හා භාරගත් පාර්ශවය පමණි. අදාළ පුවතින් පසුව ජනතාව කලබලයට පත්ව ඇති බැවින් අප සංවිධානය ද මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකල යුතුව ඇත.  එබැවින් මෙම වාර්තාවේ පිටපතක් බොදු බල සේනා සංවිධානය වෙත කඩිනමින් නිකුත් කරන ලෙසත් එසේ නිකුත් කිරීමට ප්‍රමාද වන්නේනම් එතෙක් පුවත්පත පලකර ඇති පුවත සත්‍යයක්ද යන්න පමණක් හෝ ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලා සිටිමි." යනුවෙනි.
 
බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය ලේකම් එරන්ද කේ. නවරත්න විසින් ජනාධිපති ලේකම් වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.
බොදුබල ලිපිය !
 
ජනාධිපති ලේකම්,
ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
2021/2/12
 
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ලබා ගැනීම.
 
තවුහිඩ් මතවාදයෙන් සන්නද්ධ වූ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් සිදුකල පාස්කු දින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කීරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ බොදු බල සේනා සංවිධානය සහ සංවිධානයට නායකත්වය ලබා පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එදිරිව අඩංගු නිර්දේශ පිළිබඳව වාර්තාවක් අද (2021/02/12) දින The Morning පුවත්පත විසින් ප්‍රධාන පුවත ලෙස වාර්තා කර ඇත.
 
කොමිෂන් සභා වාර්තාව අප දන්නා පරිදි එහි සභාපති විනිසුරුවරයා විසින් ජනාධිපතිවරයා වෙත පමණක් භාරදී ඇත. එම වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට හෝ වෙනත් පාර්ශවයකට ලබා දී ඇති වගක් ද දැනගන්නට නොමැත. එවැනි වාතාවරණයක් තුල අදාළ වාර්තාවේ අප සංවිධානය පිළිබඳව අඩංගු නිර්දේශ යැයි සඳහන් කරමින් යම් යම්  කරුණු  මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් අප සංවිධානයට අසාධාරණයක් සිදු වී ඇත. 
 
බොදු බල සේනා සංවිධානය පිළිබඳව The Morning පුවත්පත වාර්තා කර ඇති මෙම පුවත සැබෑ පුවතක් ද යන්න නිළ වශයෙන් දන්නේ කොමිෂන් සභා වාර්තාව සකස්කළ පාර්ශවය හා භාරගත් පාර්ශවය පමණි. අදාළ පුවතින් පසුව ජනතාව කලබලයට පත්ව ඇති බැවින් අප සංවිධානය ද මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකල යුතුව ඇත.  එබැවින් මෙම වාර්තාවේ පිටපතක් බොදු බල සේනා සංවිධානය වෙත කඩිනමින් නිකුත් කරන ලෙසත් එසේ නිකුත් කිරීමට ප්‍රමාද වන්නේනම් එතෙක් පුවත්පත පලකර ඇති පුවත සත්‍යයක්ද යන්න පමණක් හෝ ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලා සිටිමි.
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න