විමල් එක්ක මේ ගමන යන්න බෑ : පොහොට්ටු ලේකම් !

විමල් එක්ක මේ ගමන යන්න බෑ : පොහොට්ටු ලේකම් !

ෆේස්බුක් කුලී හේවායන් හරහා මඩ ගසා මේ ගමන යා හැකි යැයි විමල් වීරවංශ අමාත්‍යවරයා  හිතුවද තමන් එසේ නොසිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර විමල් වීරවංශ  දකින සිහින අනුව තම වත්තේ මිදුලේ ඇති මුරුංගා ගස කැපීමට ඉඩනොදෙන බවද  කියා සිටියේය.

එහිදී  අමාත්‍ය ජී.එල් . පීරිස් ද අදහස් දැක්වූ අතර ඔහු මෙසේ පැවසීය.

අපේ සන්ධානය තුළ මත ගැටුම් ඇති වීම් අමුතු දෙයක් නෙවේ. පසුවිපරමක් ගන්නවානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භය අපි මතක් කල යුතුයි.  විවිධ අභියෝගවලට මුහුණ දිලයි පක්ෂය පිහිටුවන්න පුළුන් වුණේ. ප්‍රබල මතයක් ඉදිරිපත් වුණා අලුත් පක්ෂයකට අවශ්‍යතාවයක් නෑ කියලා. ඒකාබද්ධ විරුද්ධ පක්ෂයක් ප්‍රමාණවත්. එදා පැවතුණු යහපාලන රජයට විරුද්ධව ප්‍රබල වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුවෙන් ඇතුළත හා පිට ගෙනයාම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ප්‍රමාණවත් මතය පුන පුනා ගෙන ගියා.

ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විශාල මෙහෙයක් දක්වලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බිහි කළේ. එතුමා ඒක කළේ පැහැදිලි ප්‍රතිපත්තියක් මත පිහිටලා. අපට නිවහනක් අවශ්‍යයි. එතන හිඩසක් තියෙනවා. ඒ හිඩස පිරවීම අවශ්‍යයයි කියලා ස්ථාවරය මත ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂය බිහිකිරීමට දැඩි උත්සහයක් දැරුවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න