අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ - අලි සබ්‍රි

අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ - අලි සබ්‍රි

සංස්කෘතිකමය වශයෙන් වෙනස්වීම් තිබුණද රටේ සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ජීවත්වීම වැදගත් බවත් අන්තවාදීන් කිහිපදෙනෙක් ඉන්නවා හැම කොටසකම නමුත් ඔවුන්ට ඕන විදියට අපිට ජීවත් වෙන්න බෑ' යනුවෙනුත්  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  පවසයි.

ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්ය.

විවිධ ජාතීන්ට අයත් වුවත් සියලුදෙනාම මනුෂ්‍යත්වය හා ශ්‍රී ලාංකීකත්වය යැයි ද එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“විවිධත්වයෙන් ඒකීයත්වයට අපිට යන්න පුළුවන්. ඒ යනකොට සංස්කෘතිමය වශයෙන් අපි ශ්‍රී ලාංකීක විය යුතුයි. ශ්‍රී ලාංකීක සංස්කෘතිය කියන්නේ, ශ්‍රී ලාංකීය මුස්ලිම් උප සංස්කෘතියකට. මිනිස්සුන්ගෙන් දුරස්වෙලා දුවන්න ඕනේ නෑ. අපිට අපි පිළිබඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. අනෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ. එකිනෙකා පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් පුළුවන් මේ රට අපි බලාපොරොත්තු වන සාමය, එකමුතුකම ඒ සහෝදරත්වය ගොඩනඟන්න. මොකද සියයට 95කට වැඩිය අවශ්‍යයි එහෙම ජීවත්වෙන්න. අන්තවාදීන් කිහිපදෙනෙක් ඉන්නවා හැම කොටසකම නමුත් ඔවුන්ට ඕන විදියට අපිට ජීවත් වෙන්න බෑ. අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීය කියන ආකාරයට. “එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා. ප්‍රේම වඩා සැම භේද දුරලලා නමෝ නමෝ මාතා. “ උදේ පාන්දර ඒක කියලා විතරක් මදි හිතට ගන්න ඕනේ ඒ විදියට ජීවත් වෙන්න ඕනේ. ඒකේ ලොකු වගකීමක්.“

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.