පොහොට්ටුවේ තවත් ගජමිතුරු ගැහිල්ලක් මෙන්න !

පොහොට්ටුවේ තවත් ගජමිතුරු ගැහිල්ලක් මෙන්න !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පොල් නිෂ්පාදන හා අපනයන සමාගමක් වන එස් ඒ සිල්වා සමාගම මහා පරිමාණ ජාවාරමක් සිදු කර ඇති බවට හෙළිදරව් වී තිබෙනවා. 

වැරදි කේතයක් (HS code)  භාවිත කරමින් ඇමරිකා එක්සත් ජනපදයට පොල් වතුර අපනයනයට එම සමාගම උත්සාහ දරා ඇති අතර මේ පිළිබඳ ලද තොරතුරකට අනුව රේගුව මෙලෙස අපනයනය කිරීමට නියමිතව තිබූ කන්ටේනර් 14ක් සිය භාරයට ගැනීමට ක්‍රියා කළා. 

එස් ඒ සිල්වා සමාගම වීටා කොකෝ (Vita Coco) නමැති වෙළෙඳ සන්නාමය යටතේ විදේශයන්ට පොල් වතුර අපනයනය කරනු ලබනවා.  එහෙත් එම සමාගම අධික මුදල් ඉපයීමේ අරමුණෙන් වෙළද නීතිවලට පරිබාහිරව වංචනික ලෙස කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. 

සමාගම වැරදි කේත අංකයක් භාවිත කරමින් එක්සත් ජනපදයට පොල් වතුර අපනයනය කර අඩු වටිනාකමකට එහිදී නිදහස් කරගෙන ඇති අතර පසුව ඒවා වැඩි මිලකට අලෙවි කරමින් විශාල ලාභයක් උපයාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම වංචනික ක්‍රියාමාර්ගය හේතුවෙන් අහිමි වී ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවට හිමිවිය යුතු විදේශ විනිමයයි. 

ඒ අනුව මෙම එස් ඒ  සිල්වා සමාගම අන්තර්ජාතික වෙළෙඳ නීති රීති පවා උල්ලංඝනය කරමින් මුළුමනින්ම සිදුකර ඇත්තේ බරපතළ මූල්‍ය හා වෙළඳ වංචාවක් බවට චෝදනා එල්ල වෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න