හරි වැඩේ ලංකාවට වුනේ : පාස්කු ප්‍රහාරයට ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් !

 හරි වැඩේ ලංකාවට වුනේ : පාස්කු ප්‍රහාරයට ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් !

තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමක් මත පාස්කු  කොමිෂන් නිර්දේශ විකෘති කර  ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව  නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටියි.

එහිදී රට තුල දළුලා වැඩමෙන් තිබූ මුස්ලිම් අන්තවාදය පිළිබඳව රටට හෙළිදරව් කල ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් සඳහන් කරන අතර උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ   අද (21) පැවති මාධ්‍ය හමුවකදීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකසන අවස්ථාවේදී කොමිසමේ සියලුම සාමාජිකයින් සහභාගී වුනාද කියන සැකය මතුව තිබෙන බවත් කවුරුන් හෝ දෙතුන් දෙනෙකුගේ දේශපාලන උවමනාවට කොමිෂන් සභාවේ නිර්දේශ සකස් කර තිබෙනවානම් එය බරපතල තත්වයක් බවත් සුදත්ත  හිමි පැවසීය. 

ඉස්ලාම් අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලනවා වෙනුවට  මෙරට ජාතික සංවිධාන මර්ධනය කිරීමට උත්සහ ගන්නවානම් එයට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩ නගන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.

"පාස්කු  කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකස් කිරීමේදී විනිසුරුවරුන් පස් දෙනාගේ ඒකමතික තීන්දුවක් මත සකස් කලාද?" සහ "එක් විනිසුරුවෙකුගේ උවමනාවට අනෙක් විනිසුරුවරුන්ගේ හඬ යටපත් කලාද?" යන ප්‍රශ්න මේ වන විට මතුව ඇති බවත් පාස්කු කොමිසමේ අවසාන වාර්තාව සකස් කිරීමේදී තක්කඩි දේශපාලකයෙකුගේ උවමනාවට නිර්දේශ වෙනස් කලාදැයි සැකයක් මතුව ඇති බවත් අවධාරණය කර සිටි සුදත්ත හිමියෝ පාස්කු වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතු බවත් එය බෝම්බ ගහපු පුද්ගලයින්ට විරුද්ධව මිසක් අන්තවාදී ක්‍රියා පිළිබඳව හෙලිකල ජාතික සංවිධානවලට විරුද්ධව නොවන බවත් සුදත්ත හිමි පවසයි.

තක්කඩි දේශපාලනය තුලින් ජාතික සංවිධාන නිහඩ කරන්න හදනවානම් එයට එරෙහිව ජනතාව පෙළගස්වන බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට හේතුව තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමෙන් ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ විකුර්ති කිරීම විය හැකි බවත් සඳහන් කර සිටි උන්වහන්සේ එම කමිටුව සඳහා බුද්ධිමත් මන්ත්‍රීවරු පත්කිරීමේ කාදිනල්වරයාගේ ඉල්ලීම සාධාරණ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න