Language Switcher

Ad

Ad 01

V2025

මානව හිමිකම් කැඩීම ගැන කරුණු දක්වන ලංකා කණ්ඩායම මෙන්න !

ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී අද (22) ආරම්භ වෙයි. 

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙට (23) අන්තර්ජාලය ඔස්සේ ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතයි. 

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය සරත් වීරසේකරගෙන් යුත් ශ්‍රී ලංකාව නියෝජනය කරන කමිටුව අන්තර්ජාලය ඔස්සේ මෙවර සමුළුවට සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලෙට් සකස් කළ විශේෂ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබදව 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ අනිද්දා (24) ය.