කාදිනල්ට ජනාධිපති මාධ්‍ය අංශයෙන් ප්‍රතිචාර !

කාදිනල්ට ජනාධිපති මාධ්‍ය අංශයෙන් ප්‍රතිචාර !

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කරන ඇමති කමිටුවට සාමාජිකයන් පත් කළේ ඒ ඇමතිවරුන්ගේ ඉහළ දැනුම සලකා බලා බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ ජනාධිපති මාධ්‍ය ඒකකය අද (22) නිකුත්කළ නිවේදනයක් හරහා ය. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයෙක් ද ඇතුළත්ව සිටි ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගිය පෙබරවාරි 01 දා ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂට භාර දෙනු ලැබිණ.

එම වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පසුගියදා ජනාධිපතිවරයා විසින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවට රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල සහ රමේෂ් පතිරණ අයත් වෙයි.මෙම කමිටුව පත් කළ පසු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමි සඳහන් කළේ අ.පො. ස. සා පෙළවත් නැති අය මේ කමිටුවට පත් කර ඇති බවයි.

එහෙත් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ එම අමාත්‍යවරුන්ට ඇති පළපුරුද්ද සහ ඉහළ දැනුම මත මෙම පත්කිරීම් ජනාධිපතිවරයා විසින් සිදුකළ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න