පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා : ශ්‍රිලනිප තනියම තීන්දුවක් අරගෙන !

පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා : ශ්‍රිලනිප තනියම තීන්දුවක් අරගෙන !

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප‍්‍රතික්‍ෂේප කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.

ඒ එම පක්‍ෂ මූලස්ථානයේ අද (25) රැස් වූ පක්‍ෂයේ විධායක සභාව විසින් ය.

අද පස්වරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව රැස්වූ අතර එහිදි මෙම වාර්තාව මෙන්ම පක්‍ෂයේ තනතුරු සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ රැසක් ගෙන ඇති බවත් වාර්තා වෙයි.

එහිදී පාස්කු කොමිසමේ වාර්තාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට මෙන්ම  පක්ෂ සභාපති හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේනට පාස්කු කොමිසම විසින් නිකුත්කර ඇති නිර්දේශ මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමටත් තීන්දු කර ඇත.

තවද  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන යළි පත් කිරීමටත්   මහලේකම් තනතුර සදහා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යළි පත් කිරීමටත් අද රැස්වූ ශ්‍රිලනිප විධායක සභාව තීන්දු කර  ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න