භූමිදාන නාඩගමත් අවසන් : ගැසට් පත්‍රය සූදානම් !

භූමිදාන නාඩගමත් අවසන් : ගැසට් පත්‍රය සූදානම් !

කොරෝනා ආසාදිත මෘතදේහ භූමිදානය කිරීමට අවසර දෙමින් අද (25) ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට  නියමිතව ඇත.  

සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානයට අවසර ලබානොදීම සම්බන්ධයෙන්  මුස්ලිම් ප‍්‍රජාව ඇතුළු පාර්ශව කිහිපයක් ඉකුත් සමයේ විරෝධතාවලද නිරත විය. 

එහෙත්  පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සිටින ජාතිවාදී ආගම්වාදී පක්ෂ, සංවිධාන සහ  කල්ලි ඊට එරෙහිව දැඩි ස්ථාවරයක සිටියේ ආදාහනය පමණයි ලෙස කියාගෙනය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ  ද පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ප‍්‍රකාශ කර තිබුණේ කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලබාදීමට කටයුතු කරන බවයි.නමුත් ඒ ප්‍රකාශයත් ප්‍රතික්ෂේප කරන අදහස් ආණ්ඩුවේ පාර්ශව වෙතින් නිකුත් වූ බවත් සිහිපත් කළ යුතුය.

අවසානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පවා මේ සම්බන්ධව විවේචන එල්ලවිය.

එසේම ඇමරිකානු තානාපතිනියත් අවස්ථා ගණනකදී ලංකාවේ ගෝත්‍රික ප්‍රතිපත්තිය විවේචනය කරමින් භූමිදානයටද අවස්ථාවදීමේ වැදගත් කම අවධාරණය කළාය.ඒ අනුව දැන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ  තෝරාගත් ස්ථාන කිහිපයක පමණක් කොරෝනා මෘතදේහ භූමදානය සදහා අවසර ලබාදීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති බව පවසමින් ගැසට් පත්‍රය නිකුත්කිරීමටය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න