කතරගමට-අතරමග වෝටර් පාර්ක් විවෘත වෙයි

කතරගමට-අතරමග වෝටර් පාර්ක් විවෘත වෙයි

නෝනාගම වෝටර් පාර්ක් ජල උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ(27) පස්වරුවේ විවෘත කරනු ලැබීය.

දකුණු පළාත් පරිසර අමාත්‍යංශය, රුහුණු සංචාරක කාර්යංශය සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ අරමුදල් සහ සම්පත් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 58ක වියදමෙන් මෙම ජල උද්‍යානය නිම කර තිබේ.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ආර්.පී දර්ශන සංජීව මහතාගේ සංකල්පයකට අනුව කතරගමට-අතරමග ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස මෙම උද්‍යානය සංවර්ධනය කර ඇත.

එහි ඇවිදින මංතීරු සහ ළමා උද්‍යාන ඇතුළු ජනතා ආකර්ශනීය ස්ථාන රැසකි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ආර්.පී දර්ශන සංජීව මහත්වරු ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු හා ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න