පළමු දේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කෙරේ

පළමු දේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කෙරේ

1929 දී ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත් ජී.පී. වික්‍රමාරච්චි විසින් ශිෂ්‍යන් 20ක් සමග ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ආරම්භ කළේය.

එය 1995 වසරේ දී කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ යක්කල වික්‍රමාරාච්චි දේශීය වෛද්‍ය ආයතනය ලෙස ස්ථාපිත කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන බවයි.

ඒ අනුව යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ කටයුතු යළි ආරම්භ කෙරුණු අතර, ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගයි.

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නාමපුවරුව නිරාවරණය කිරීම සහ සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අද සිදු කෙරුණු අතර එහි දැනට ඇති පූර්ණ කාලීන අධ්‍යාපන පාඨමාලාවන්ට අමතරව අලුතින් පශ්චාත් උපාධි හා අර්ධකාලීන පාඨමාලා ආරම්භ කිරීමට නියමිතයි.

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සව සභාවේදී ඇමති ප්‍රසන්න රණතුංග සදහන් කළේ මෙම ආයුර්වේද විශ්වවිද්‍යාලය, මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට එක්වීම වත්මන් රජය ලැබු සුවිශාල ජයග්‍රහණයක් බවයි.

විශේෂයෙන් ම විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට හැකිවීම සතුටට කාරණයක් බව පෙන්වා දුන් ඇමතිවරයා, වාර්ෂිකව විශ්වවිද්‍යාලයට ඇතුළ් වන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇතැයි සදහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න