Language Switcher

V2025

අන්තර්ජාල සමාගම් මාෆියාවෙන් ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කෙරේ !

ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාධාවක් ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන මාෆියාව හේතුවී ඇති බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට වසරකට පෙර “ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාව විශාල බාදාවක්” යන සිරස්තලය යටතේ 2020 වසරේ පෙබරවාරි 21ක් වනදා නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් හෙළිදරව් කළේය.

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම්වලට ගුණාත්මක සේවාවක් ලබාදීම, පාරිභෝගික අදහස් වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම්වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන අතර මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවක් දැකගත හැකිය.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට මෙම ආයතන කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිවම  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැකගන්නට ලැබී ඇති බවත්,  ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්මයක් වන Net neutrality සංකල්පයෙන් බැහැර වී තම සේවා සැපයීම පරිශීලකයන්, අන්තර්ගතයන්, වෙබ් අඩවි, වේදිකාවන්, යෙදුම්, උපකරණ වර්ග, ප්‍රභව ලිපින, ගමනාන්ත ලිපින හෝ සන්නිවේදන ක්‍රම මත පදනම්ව වෙනස් ලෙස සිදුකරමින් ඇති බව ඉතා කනගාටුවෙන් පෙන්වාදිය හැකි බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙසේ අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් රටවල් 85ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකින් ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති අතර මෙම තත්වය ශ්‍රී ලංකාවෙහි ඉදිරි ඩිජිටල් ආර්ථිකයේ ප්‍රගමනයට විශාල බාධාවක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.