Language Switcher

V2025

උපත් අබාධ සත්කාරය සහ වැළැක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය නිකුත් කෙරේ

ලෝකය පුරා මිලියන 08 ක් පමණ පුද්ගලයින් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර බිළිඳු මරණවලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන් 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටිනුයේ අඩු සහ මධ්‍යම ආදායම් රටවලය. සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16 ක් උපදින අතර ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයට පෙර මියයති. එලෙසම වසරකට 500 - 600 ත් අතර ප්‍රමාණයක් උපත් අබාධ නිසා කුස තුළම මිය යති. උපත් අබාධ ඇතිව ජීවත්වන්නන් ද ජීවිත කාලය පුරාම අබධිතව කල් ගෙවති. උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පුද්ගලයිනට, පවුල් වලට සහ පුළුල් ලෙස ගත් කළ, සමාජයේ ද සෞඛ්‍යය උදෙසා වැදගත් කාර්ය භාරයක් කරයි. 2030 වසරේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සැළසුම් ක්‍රියාත්මක කරන අවස්ථාවක, උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම අරමුණු කර ගත් සේවා සැපැයීම, ලොව පුරා සෑම ආණ්ඩුවකම සැළකිල්ලට භාජනය විය යුතුය.

2010 වසරේ දී 63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේදී උපත් අබාධ පිළිබඳව යෝජනාවක් (63.17 න්‍යාය පත්‍ර අංක 11.7) සම්මත කර වසර 10 ක් ගතව තිබේ. ඉන් පසු උපත් අබාධ පිළිබඳ දැනුවත් කිරීමේත්, අවේක්ෂණය ප්‍රවර්ධනය කිරීමේත් ක්‍රියාමාර්ග ගෙන ඇතත් සෑහෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කිරීමට ඉතුරුව තිබේ. උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම කඩිනම් කිරීම සඳහා දායක වීමට, සියලුම පාර්ශ්වකරුවන් 2010 ලෝක සෞඛ්‍ය රැස්වීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය ය.

ලොව පුරා රටවල් 36 ක 400 ක් පමණ වූ ප්‍රමුඛ පෙලේ සෞඛ්‍ය වෘත්තිකයින්, පර්යේෂකයින් සහ අධ්‍යයන, පර්යේෂක, රාජ්‍ය තාන්ත්‍රික, ජාත්‍යන්තර සංවර්ධක සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයෝ, 2020 වසරේ දී කොළඹ දී පැවැත්වුණු සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ දී උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට කැප වුහ.

උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම සඳහා උපදේශනයේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සහ 63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේදී උපත් අබාධ පිළිබඳ යෝජනා සමග අනුගත වෙමින් 2020 නව වන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ සහභාගී වූවන් "උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය" ට අදහස් හා යෝජනා සපයමින් දායක වුහ.

ලෝක උපත් අබාධ දිනය යෙදෙන 2021 මාර්තු 03 වෙනි දින මෙම ප්‍රකාශනය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනියට පිළිගැන්වීමට නියමිතය. මෙම ප්‍රකාශනය ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානය වෙත යොමු කෙරේ. කොළඹ ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියටද පිළිගන්වනු ඇත .

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපත් ආබාධ පිලිබඳ විද්වත් කමිටුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය එක්ව මෙම වැඩ පිළිවෙල සංවිධානය කෙරේ.

(උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය අමුණා ඇත)

උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශය - එළි දැක්වීම 2021 මාර්තු 03 වෙනි දින පෙරවරු 11.00 ට ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. (අංක 6 විජේරාම මාවත කොළඹ 07.)

ඒ සදහා ඔබටත් ආරාධනා!!!

Join Zoom Meeting https://us02web.zoom.us/j/84666219002?pwd=NWVFMExYVkQ5VnFCd2tFVXlGZG13Zz09

Meeting ID: 846 6621 9002

Passcode: 563923