ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව පවසමින් මෙරට වෙළඳපොළේ ගෑස් මිල ගණන් රුපියල් 500ට වැඩි බරපතළ ලෙස මිල ඉහළ යාමේ අවධානමක් මතුව තිබේ.
අද වන විට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති නිසා මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් වත් අවම වශයෙන් වැඩි කළ යුතු බව මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන සමාගම් සඳහන් කරන බවට පුවත් මේ වන විට ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය තුළ පළවෙමින් තිබේ.
ඊට අනුව ලෝක වෙළද පොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට මිල ඉහළ දැමීමට ඉඩ නොලැබීමෙන් තම සමාගම් පවත්වාගෙන යාම ගැන බරපතළ අර්බුදයකට ලක්ව සිටින බව ලිට්රෝ හා ලාෆ් සමාගම් දෙකම සඳහන් කර ඇත.
පසුගිය මාස අටක් පුරාම ලෝක වෙලදපලේ ගෑස් මිල ඉහළ යාමත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙනි ගෑස් ව්‍යාපාරය දැඩි අවදානමකට පත්ව ඇති බවද සමාගම් ප්‍රධානීන් පෙන්වාදෙන බවත් එම පුවත්වල සඳහන් වෙයි.
ඒ හේතුවෙන් ගතවූ මාස අට තුළ තම සමාගම් විශාල වශයෙන් පාඩු ලබා ඇතැයි ද සමාගම් ප්‍රධානීන් පවසා ඇති බවත් වාර්තා කර ඇත.
මේ අනුව මෙරට ගෑස් ඒකාධිකාරයක් පවත්වාගෙන යන රජයේ ලිට්රෝ සහ පෞද්ගලික අංශයේ ලාෆ් යන සමාගම් දෙක මේ වනවිට මිල වැඩිකිරීම කෙරෙහි ඒකාබද්ධව අවදානය යොමුකර ඇත.
කෙසේ වුවත් පසුගිය වසරක පමණ කාලය තුලා භාණ්ඩ හා සේවා රැසක මිල ඉතා ඉහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව රටේ සාතිශය බහුතර ජනතාවගේ ආදායම් සුළුවෙන් හෝ ඉහළ ගොස් නැත. එවැනි පසුබිමක ගෑස් වැනි අත්‍යාවශ භාණ්ඩයක මිල ඉහළ යාම තුළ ජනතාව මුහුණදී සිටින දුෂ්කරතාව තවත් බරපතළ වීම අනිවාර්යය.

