IRDය නැවතත් කෝපා කමිටුව හමුවට

IRDය නැවතත් කෝපා කමිටුව හමුවට

බදු රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව බදු සහ දඩමුදල් රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් මාර්තු 10 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවා ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේය.

පසුගිය ජනවාරි 06 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන අතර එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙසය.

ඒ අනුව බදු එකතු කිරීම සම්බන්ධව ආදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර හා සැලසුම් මෙහිදී කෝපා කමිටුවේ සාමාජිකයන්ගේ විමර්ශනයට ලක්වීමට නියමිතය.

මීට අමතරව මාර්තු 09 වැනි දින ශ්‍රී ලංකා රේගුව කෝපා කමිටුවට කැඳවා ඇති අතර, මාර්තු 23 වැනි දින කලා විෂයන් හැදෑරීමේ ප්‍රවණතාවය සහ කලා උපාධිධාරීන්ගේ විරැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න