අගමැති සුරතින් මොණරාගල DAG ඇපරල් විවෘත වෙයි

අගමැති සුරතින් මොණරාගල DAG ඇපරල් විවෘත වෙයි

මොණරාගල DAG ඇඟලුම් කර්මාන්ත ශාලාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (06)  විවෘත විය.

ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගම (DAG Apparel (Pvt) LTD) රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කරමින් මෙම නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ස්ථාපිත කර තිබේ.

එමගින් නිර්මාණය වී ඇති සෘජු රැකියා අවස්ථා ගණන 600කි. තවත් 3000ක පිරිසකට වක්‍ර ප්‍රතිලාභ හිමි වනු ඇත. නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ඔස්සේ නිමි ඇඳුම් අපනයනයෙන් වසරකට රුපියල් බිලියන 3.5ක ආදායමක් ලබා ගැනීම අපේක්ෂිතය.

නව ඇඟලුම් කර්මාන්ත ශාලාව විවෘත කළ අග්‍රාමාත්‍යතුමා, එහි නිෂ්පාදන කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළේය.

ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කීර්තිරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්වන දිනුක ශ්‍රීමාල්, නිපුණ ගිත්මල්, ශානිකා කාරියවසම්, සුනෙත් ගයාෂාන් මහත්වරු අග්‍රාමාත්‍යතුමා සමඟ නව ඇඟලුම් කම්හලේ නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, හිටපු ඇමතිනි සුමේධා ජී ජයසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර යන එක්ව සිටියහ.

8eaebc1f42218f7d3b6d5aadcca0c7c54a56e97a

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න