Language Switcher

V2025

කලු ඉරිදා,කාදිනල් භූමිකාව හා සමාජ වගකීම……

එළැඹෙන අප්‍රේල් මස 21වන දිනට වසර දෙකක් ගතවීමට නියමිත, ජීවිත 268ක් අමු අමුවේ සමූලඝාතනය කල තවත් ජීවිත රැසක් සදාතනික අබ්බගාතයින් බවට පත්කල දුවා දරුවනට මව්පියන් පවා අහිමිකළ මිලේච්ඡ තුච්ච ප්‍රහාරය කෙතරම් සාහසිකද යන්න පසක් වන්නේ එය ඊනියා බලපෙරළියක් වෙනුවෙන් සමාජය තුළ ජනතා බලාපොරොත්තු යහනාවක තබා අපයෝජනයේ යෙදවීමය….

කලු ඉරිදා …….. තුළ සාධාරණත්වයේ මග විවර වේවිද?......

අද දිවයිනේ කතෝලික දේවස්ථාන 2000ක පමණ කතෝලික ජනතාව ලක්ෂ පහ හමාරක පමණ ඉරුදින දිව්‍ය පූජාවට සභභාගී වන්නේ කලු වතින් සැරසී ඔවුන්ගේ සොයුර සොයුරියන්, මව් දෙමාපියන් නෑ හිතවතුන් මෙන්ම දුවා දරුවන් වෙනුවෙන් හැඩූ උණු කඳුළු නොවියලී බලාසිටි විඩාබර දෙනෙත් වල ඉටු කරනා බවට විකිණුන කඩ උනු පොරොන්දුවට කෙසේ හෝ සාධාරණයක් ඉටු කිරීමට සංකේතාත්මක නිහඬ විරෝධතාවක් ලෙසිනි….

මේ වෙනුවෙන් බොහෝ පුරවැසියන්, ආගමික හා දේශපාලනික සංවිධානවල සහයෝගය එක් කරමින් එය ඉතා බිඳුණු සිත් කඳුළු පරයා සවිමත් කරමින් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සවිබල ගන්වන එකමුතුවක් බවට පත්ව ඇත…..

එය එසේ උවත් මේතුළ කඩකප්පල්කාරී පටු දේශපාලනික බලල් අත් ක්‍රියාත්මක වනවාට සැක නැත….මන්දයත් පාස්කු ප්‍රහාරය බන්දේසියේ තබා දේශපාලන බලපෙරළියේ වේදිකා මත අලෙවි කිරීමට නියමින් හෝ අනියමින් ඉඩහසර වෙන්කෙරූ ආගමික හා සිවිල් නායකයන් යුක්තිය අ‍රඹයා රොක්වන ගොඩනැගෙමින් ඇති යෝධ ජනපවුරේ මූළිකත්වය ගෙන ඇති නිසාවෙනි….

කාදිනල් තුමාගේ භූමිකාව……!

සැබවින්ම මෙම සාහසික අපරාධයේ සුලමුල,සැබෑ වගකිවයුත්තන් මහමොළකරුවන් හා ඊට අනුබල දුන්නාවූවන් හෙළිකරගැනීමේ පරම අධිකාරී බලය යුක්තිය හා සාධාරණය ඉටුවීම දක්වාම දියත්කළ හැකි තනි පුද්ගල බලවේගය නම් වත්මන කාදිනල් මැල්කම් රංජිත් පියතුමාය….

එය එසේ වීමම, මෙම සත්‍ය සොයා ජනගතවන දැවැන්ත විරෝධය හොර රහසේම හෝ ක්‍රමානුකූලව නිශේධ වීමට ඇති ඉඩකඩ හසුරමින්,ඊට කිසිසේත්ම ඉඩ නොතබා තම ප්‍රජාවේ සංවේදී අතිශය සාධාරණ යුක්තියේ බලාපොරොත්තු නැවත කඩ නොවන දිශාවට දියත් කිරීම ඔහු සතු ප්‍රමුඛ වගවීම හා වගකීම විය යුතුය……

මේ මොහොතේ සමාජ වගකීම කුමක්ද….?

සිදුවූ අවාසනාවන්ත කුරිරු ප්‍රහාරය සිදුවී හමාරය, එහෙත් එය සැබවින්ම විදෙස් මැදිහත්වීම් හා ඔවුන්ගේ කලාපීය දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස, දන්නෝ දනිති විටෙක මේසා විශාල තත්වයක් නොවේයැයි සිතූ ආකාරයේ සංවිධානාත්මක අපරාධයක් බව ඉතා පැහැදිලිය…...

මෙරට ඉතිහාසය තුළ කිසිදා භාවිතා නොවුනු අධිබලැති පුපුරන ද්‍රව්‍ය හා තාක්ෂණයක් ඒ සාහසික අපරාධයයට එක්වී තිබුනි. ( එය මෙතෙක් රටතුල සිදුවී ඇති පිපිරීම් හා ඒවාට යොදාගත් පුපුරන ද්‍රව්‍ය හා තාක්ෂණය සමග සැසඳීමෙන් අවබෝධ කරගතහැක) කෙසේ වෙතත් පක්ෂ පාට වර්ග ගෝත්‍ර පසෙකලා ශ්‍රී ලාංකික යැයි හැඟීම හා අවබෝධය මත සමාජයේ පුරවැසියන් ලෙස මේ සාපරාධී අපරාධය තුළ සැඟවුණු අමුත්තන් සෙවීම වෙනුවෙන් අප ක්‍රියාත්මක විය යුතුව ඇත. එය හැකි සෑම අයුරකින්ම සමාජගත කරමින් වැලලෙන්නට යන සත්‍ය නැවත වේදිකාගත කළයුතුව ඇත….

ඒ වෙනුවෙන් එක්ව සටන් කරමින් පුරවැසි බලයේ ප්‍රභලත්වය සියල්ලට වඩා අති ප්‍රභල බව පසක් කරමින් ක්‍රියා කලහොත් කිසිදා මෙවන් සාහසික සිද්දීන්හට අපට මුහුණ දීමට සිදු නොවනු ඇත….එමෙන්ම ජනතාව සබුද්ධික වීම දේශපාලන දියබුං කෙළියට තිත තැබීමට ඉවහල් වනු ඇත….

සුමුදු මද්දුමආරච්චි

මිලානෝ, ඉතාලිය.

image 8ace11a3b4

image caf30a8ae1