හයියෝ "ස"රත් වෙයි : බුර්කාව ගැන ආණ්ඩුවේ තීන්දුව මෙන්න !

හයියෝ "ස"රත් වෙයි : බුර්කාව ගැන ආණ්ඩුවේ තීන්දුව මෙන්න !

බුර්කාව හා නිකාබය මෙරට තහනම් කිරීමට රජය තීරණය කර නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ පවසයි.

එය යෝජනාවක් පමණක් වන බවත් ඒ ගැන දැනට සාකච්ඡා වෙමින් පවතින බවත් ඔහු කියා සිටියි.

බුර්කාව හා නිකාබය තහනම් කිරීමේ යෝජනාව ගැන පළ වන මාධ්‍ය වාර්තා ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

මේ සම්බන්ධයෙන් රජය සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති බවත් අවසන් තීරණය ගැනීමට ප්‍රමාණවත් කාලයක් වැය වනු ඇතැයිද නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වුවත් පසුගියදා අමාත්‍ය සරත් වීරසේකර පවසා සිටියේ තමන්  බුර්කාව තහනම් කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් තැබූ බවය. ආණ්ඩු හිතවාදී පාර්ශව එම ප්‍රකාශයට ඉමහත් ප්‍රචාරයක්ද දෙනු ලැබිණ. නමුත් දැන් සරත් වීරසේකර අමාත්‍යවරයාට  එම කටයුත්තද හකුළා ගැනීමට සිදුව ඇති අතර සමාජ මාධ්‍ය වලද ඔහුගේ ප්‍රකාශ හාස්‍යට ලක්වෙමින් තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න