පරිසරයට හානි කිරීම සම්බන්ධව දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා එල්ලවන පසුබිමක හිටපු ජනාධිපති තම පෞද්ගලික ෆේස්බුක් ගිණුම හරහා වැඩි වැඩියෙන් පරිසරය සහ එහි ආරක්ෂාවේ වැදගත් කම අවධාරණය කෙරෙන ආකාරයේ නිවේදන නිකුත් කරමින් සිටියි.
ඒ අනුව ඔහු අදට (22) යෙදී ඇති ලෝක ජල දිනයට තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
"ශ්රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල්, මිහිමත තිබෙන ජලය උපමා කලේ තමන්ගේ රුධිරයටයි.
මිනිසාට ජීවය දෙන්නේ පිරිසිදු වාතය සහ ජලයයි.
ලොව වටා සිටින මිනිසුන් මිලියන 783ක් බීමට පිරිසිදු ජලය නොමැතිව පීඩා විඳිති.
අප රටේද දැවැන්ත වන විනාශය හමුවේ ස්වභාවික ජල උල්පත් සිදීයාමේ තර්ජනයට ලක්ව ඇත. මිනිසාගේ ක්රියාකාරකම් නිසා ඇළ දොල ගංගා අපවිත්රවී ඇත.
මධ්යම කඳුකරය මෙන්ම තෙත් සදාහරිත වනාන්තර ආරක්ෂාකර නොගතහොත් බීමට ජලය සපයන ස්වාභාවික ජල උල්පත් සියල්ලක්ම සිඳී යනු ඇත.
එසේ වුවහොත්
සිඳී යන්නේ ජලය නොව ඔබට ජීවය දෙන රුධිරය බව සිහියේ තබා ගන්න.
අද ලෝක ජල දිනයයි. ස්වාභාවික ජල මූලාශ්ර අප පණ මෙන් සුරකිමු."

එසේම හිටපු ජනාධිපති සිරිසේන විසින් ලෝක වනාන්තර දිනයට ද ෆේස්බුක් සටහනක් තබා තිබු අතර එය පහත දැක්වෙයි.

