ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව පරිසරවේදීන් පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානය තුළ නිර්මාණය කළ විශාල ප්‍රමාණයේ කටවුට් එක කඩා දැමීමට මුල් වූ ජනාධිපති කාර්යාලීය විශේෂ පැවරුම් හා පොලිස් පරිසර ඒකකයෙ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂට වැටුප් වර්ධක තුනක් ලබා දී නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කරන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත යොමු කර ඇති PMO/CpvR/2020/02/BH/144 අංක දරන ලිපිගොනුව තුළ මෙම කරුණු අඩංගු වී ඇත.
එහෙත් පොලිස්පතිවරයා මෙම ක්‍රියාවට සිය එකඟතාවය පළ කර නැති බවත් වාර්තා වෙයි. පොලිස්පතිවරයාගේ අදහස වී ඇත්තේ මෙලෙස රොෂාන් රාජපක්ෂට වැටුප් වර්ධක සහ උසස්වීම් ලබාදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවය. උසස්වීම් ලබා දුනහොත් පොලිස් උසස් වීම් පරිපාටිය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වන බවද ඔහුගේ අදහස වනවා ඇත .
සැබැවින්ම රොෂාන් රාජපක්ෂට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් සහ පොලිස් සේවා කාලය තුළින් ජේෂ්ඨයන් සිටියදී ,මෙවැනි උසස්වීම් සහ වැටුප් වර්ධක ලබා දීම අයුතු සහගත තත්ත්වයකි . එබැවින් මෙය තනිකරම රාජපක්ෂවාදී දේශපාලනය වෙනුවෙන් ඔහු කටයුතු කිරීම නිසාම ලබාදෙන තනතුරු බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරීහු ද පෙන්වා දෙති .
1967 .03.29 උපත ලබා ඇති ඔහු 1989.10 .08 වැනි දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳී ඇත .2014.01.14.වැනි දින සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස උසස්වීම් ලබා ඇත. ඔහු ඉන්පසුව පොලිස් අධිකාරිවරයකු , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු දක්වා පැමිණ මේ වනවිට නියෝජ්‍ය පොලිස්පති ධූරයට ද උසස් කරන ලෙස නිර්දේශ නිකුත් වී තිබේ .
සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව සහකාර පොලිස් අධිකාරී වරයෙකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා උසස්වීම් ලැබීමට නම් අඩුම තරමින් වසර දහතුනක් හෝ දාහතරක් ගත වනු ඇත .
එනම් ,සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස ධුරයට පත්වී වසර හයක් පමණ එහි කටයුතු කිරීමට සිදුවනු ඇත .ඉන් පසුව පොලිස් අධිකාරි ධුරයට පත්වී එහි වසර හතරක් පමණ ගත කළ යුතුය .ජේෂ්ඨ පොලිස් අධිකාරි ධූරය තුළ ද අඩුම තරමින් වසර හතරක් වත් සේවය කළ යුතුය .ඉන්පසුව පවතින පුරප්පාඩු අනුව නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වනු ඇත .

