වැව් හදන තැන මාධ්‍ය වෙනස් කරලා - චමල්

වැව් හදන තැන මාධ්‍ය වෙනස් කරලා - චමල්

හම්බන්තොට ප්‍රදේශයට ජලය ගෙන යාම සඳහා වැවක් ඉදි කිරීමට යෝජනා වී ඇත්තේ සිංහරාජය ඇතුලේ නොව ගිං ගඟේ පහළ සීමාවේ ජනතාව අඩු වශයෙන් පදිංචි වී සිටින කොටසක බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්ත්‍රී  බුද්ධික පතිරණ විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

තමන් කල ප‍්‍රකාශයක් මාධ්‍ය මගින් ප‍්‍රචාරය කලේ සිංහරාජයේ මුදුනේ හදන ආකාරයට යැයිද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

 මෙම සැලැස්ම වසර ගණනාවක් තිස්සේ පැවැති එකක් බවත් ගංවතුර පාලනය කිරීම සහ බීමට ජලය නැති ජනතාවට ජලය ලබා දීම එහි අරමුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න