පළාත් සභා මැතිවරණය සම්බන්ධව විමසීමක් කරමින් කැෆේ සංවිධානය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර ඇත.
පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද පළාත් සභා යළි පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක නොමැති බව තම අදහස බවත් කැෆේ යොමුකළ ලිපියේ දැක්වෙයි.
වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් විවිධ අවස්ථාවල ප්‍රකාශ කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැති බවත් එම ලිපියේ අවධාරණය කර ඇති අතර අදාළ ලිපිය පහත දැක්වෙයි.
ගරු ජනාධිපතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ
ගරු ජනාධිපති තුමනි,
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙනි.
මේ වනවිට දිවයිනේ සියලුම පළාත් සභාවල නිල කාලය අවසන්ව ඇති අතර ඇතැම් පළාත් සභා කල් ඉකුත් වී වසර හතරකට ආසන්න කාලයක් ගතවෙමින් පවතී. නමුත් පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද පළාත් සභා යළි පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක නොමැති බව අපගේ අදහසයි.
වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් විවිධ අවස්ථාවල ප්‍රකාශ කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත. පසුගිය රජයද පළාත් සභා සම්බන්ධයෙන් අනුගමනය කළ ඇල්මැරුණු ප්‍රතිපත්තිය මෙම රජය යටතේද අඛණ්ඩව ක්‍රියාත්මක වීම පිළිබඳව මෙරට ඡන්දදායකයා තුළ ඇත්තේ ප්‍රසාදයක් නොවේ.
පළාත් සභා අකර්මන්‍ය වීම නිසා පළාත් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වනවිට අඩාල වී ඇති අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිපාලන ආදී ක්ෂේත්‍ර රැසකට මෙමඟින් බලපෑම් එල්ල වී ඇති බව නොරහසකි.
බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටවනු ලැබූ පළාත් සභා පිළිබඳව පැවති රජය සහ වත්මන් රජය දක්වන නොසැලකිල්ල මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව ප්‍රශ්නාර්ථයක් මතුකරවන සුළු කරුණක් වන බව ඔබ තුමන් හොඳින් දන්නා කරුණකි.
ඉහතින් දක්වා ඇති තත්වය වටහා ගනිමින් පළාත් සභා පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් රජයේ තීරණය කඩිනමින් ප්‍රකාශයට පත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි
මීට
විශ්වාසී
මනාස් මකීන්
විධායක අධ්‍යක්ෂ - කැෆේ සංවිධානය

