අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.
ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලකර තිබුණි.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් මෙම නියෝගය නිකුත් කළේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේය.
කොළඹ මහාධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව ඔවුන්ව නිදහස් කරන බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කෙරුණි.
අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩු ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුකර තිබේ.

