චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙරටට ලබා දී නැතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.
මෙම එන්නත වෛරසයට ප්‍රතිචාර දැක්වීම, කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද කමිටුව දන්වා ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද කමිටුවවිසින් ප්‍රතික්ෂේප කර තිබියදී චීන එන්නත මෙරටට ගෙන්වා ඇති බවටත් මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.
නොමිලේ ලබා දෙන්නේ නම් වස වුවද බාර ගන්නේදැයි විමසන මන්ත‍්‍රීවරයා චීන එන්නත ලබාදීම ඉතාම අනතුරුදායක යයිද පැවසීය.

