විශ්වවිද්‍යාල වසා දමා මේ වන විට වසරකට අධික කාලයක් ගතවී ඇතත් තවමත් විශ්වවිද්‍යාල විවෘත කිරීම පිළිබඳ සැලැස්මක් ආණ්ඩුවට සහ විශ්වවිද්‍යාල පරිපාලනයට නොමැති බව
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ගයාන් අකිල ජයතිලක සඳහන් කරයි.
කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන සහ පාසල් ඇතුළු රටේ අනෙකුත් සෑම ක්ෂේත්‍රයක්ම නැවත වැඩ ආරම්භ කර සැලකිය යුතු කාලයක් ගෙවී ගොස් තිබුණද, තවමත් විශ්වවිද්‍යාලවල සාමාන්‍ය අධ්‍යයන කටයුතු ආරම්භ වී නොමැති බවත් විශ්වවිද්‍යාල විවෘත කිරීම ප්‍රමුඛ කාර්‍යයක් ලෙස සලකා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකර ඇති අතර මෙවර අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ ද.දේ.නි 1%ටත් අඩු ප්‍රතිශතයක් පමණක් බවත් ඔහු පවසයි.
තවදුරටත් අදහස් දක්වමින් ගයාන් අකිල පවසා සිටියේ ,
මෙලෙස විශ්වවිද්‍යාල වසා තැබීම ආණ්ඩුවට ගෙන ඇති තීරණය හරහා හොර උපාධි කඩ සඳහා පාර කපා ගැනීම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බිඳවැට්ටවීම මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීමද අරමුණු කරගෙන ඇති බවත් ඊට එරෙහිව අරගල කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බවත් ඔහු පැවසීය.
එමෙන්ම කොරෝනා වසංගත තත්වය නිසා විශ්වවිද්‍යාල වසා දමා තිබූ කාලයේ ලබා දුන් මහපොළ ශිෂ්‍යාධාර වාරික සහන වාරික ලෙස සලකන බව පැවසුවද එය එසේ නොවීම නිසා මේ වන් විට ශිෂ්‍යයන්ගේ සම්පූර්ණ අධ්‍යයන කාල සීමාවට අදාළව මහපොළ ශිෂ්‍යාධාර නොලැබෙන බවත් එනිසා ශිෂ්‍යයන් දැඩිසේ අපහසුතාවයන්ට පත්ව සිටින බවත් එහිදී සඳහන් විය.
ඊට අමතරව මහපොළ ශිෂ්‍යාධාර වාරික ඉහළ දමන බවට පොරොන්දු ලබා දුන් රජය ජීවන වියදම ඉහළයාමට සාපේක්ෂව මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ඉහළ දැමීමට අපොහොසත් වීම සහ මහපොළ වාරික ප්‍රමාද කිරීම සම්බන්ධව මෙහිදී අදහස් දැකිවිණි. විශේෂයෙන්ම මෙහිදී පළමු වසර සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර වාරික ලැබීම මාස ගණනක් ප්‍රමාද වීම සම්බන්ධව සඳහන් කෙරිණි.එමෙන්ම මහපොළ සහ ශිෂ්‍යාධාර ලබාදීමේදී උසස්පෙළ z-score අගය සලකා බැලීම නැවැත්විය යුතුබවත් මහපොළ හා ශිෂ්‍යාධාර ලබා දීම සඳහා සලකා බලන ආදායම් සීමාව ඉහළ දැමීමට රජයට බල කරනබවත් මෙහිදී සඳහන් විය.

