තත්ත්වය ඉතා බරපතලයි : පිළිකාකාරක පොල්තෙල් වෙළඳපොළේ - ආචාර්‍ය විජේදාස

තත්ත්වය ඉතා බරපතලයි : පිළිකාකාරක පොල්තෙල් වෙළඳපොළේ - ආචාර්‍ය විජේදාස

අද වන විට වෙළෙඳ පොළේ ඇති පොල්තෙල් පරිභෝජනය සඳහා ඉතා භයානක හා අනතුරුදායක බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ  සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මේ බව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමිනි.එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

2021 මාර්තු මස 25 සහ 26 යන දිනවල ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් විවෘත වෙළෙඳපොළෙන් ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 55 ක් පොල් සංවර්ධන අධිකාරිය වෙත භාරදුන් අතර එම සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ප්‍රථිපල අප්‍රේල් මස පළමු වැනි දින පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබාදී ඇත.

එසේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබී ඇති සාම්පල් පරීක්ෂාව milligrams per kilo (10 PPB) එනම් අංශු බිලියනයකට ඇෆලටොක්සීන් කොටස් ගණනය කිරීමේ ක්‍රමය මගින් සිදුකර ඇත.

ඉහත කී පරීක්ෂණ ක්‍රමවේදයට අනුව පොල් තෙල්වල අංශු බිලියනයකට ඇෆලටොක්සීන් අංශු 10කට වඩා වැඩිනම් එය ඉතා බරපතළ ගණයේ මිනිස් සිරුරට පිළිකා කාරක සපයන්නක් වේ.

එකී පරීක්ෂණය අනුව අංශු 17.9 ක් වැනි ඉතාමත්ම භයානක මට්ටමකට පිළිකා කාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පල් ද පැවැති බවට නිගමනය කොට ඇත.

මන්ත්‍රීවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

IMG 20210403 WA0003

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න