බැසිල්ගේ තවත් දේශපාලන ලණුවක් : ශ්‍රීලනිප අභ්‍යන්තරය නොසන්සුන් !

බැසිල්ගේ තවත් දේශපාලන ලණුවක් :  ශ්‍රීලනිප අභ්‍යන්තරය නොසන්සුන් !

පළාත් සභා මැතිවරණයට එක් කණ්ඩායමක් ලෙස තරඟ කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ඇතුළු ශ්‍රීලනිප නියෝජිතයින් කිහිප දෙනෙකු ඊයේ (02) කැඳවා ඇති බව වාර්තා වෙයි.  

ඒ, ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය තනිවම තරඟ කිරීමට ගෙන ඇති තීරණය ගැන යළි සලකා බලන ලෙස දැනුම්දීම සඳහාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තම පක්ෂය යළිත් දේශපාලන නන්නත්තාරවීමකට ලක්වීමේ අවධානම මේ හරහා මතුව ඇති බවයි. ඒ බව සඳහන් කරමින් එහි ප්‍රබල ක්‍රියාකාරිකයකු අනන්‍යතාව හෙළිනොකරන පදනමින් මෙසේ අදහස් දැක්වීය.

නිවට කමෙත් සීමාවක් තියෙනවා !

"පසුගිය මධ්‍යම කාරක සභා තීන්දුවක් තියෙනවා ආයෙ කිසි විටෙකත් පොහොට්ටු පක්ෂය සමග සන්ධාන ගත නොවෙන්න. ගොඩාක් ඉවසලා තමයි ඒ තීන්දුව ගත්තේ.

අපේ පක්ෂ මහලේකම් පවා වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක්. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කැබිනට් ඇමැති ධුරයක් වත් නෑ .

එච්චර පහතට දාල තමයි මේ ආණ්ඩුව අපට සළකල තියෙන්නෙ.

දැන් පක්ෂය ප්‍රතිසංවිධානය කර ගෙන වෙනම ගමනක් යන්න හදනකොට යළිත් වතාවක් දේශපාලන ඇමක් දීලා. ඔය ඇම දීලා තියෙන්නේ ආණ්ඩුව මේ වෙනකොට ජනතාව අතර දැඩි අපකීර්තියට ලක් වෙලා තියෙන නිසා . 

බැසිල් මහත්තයලට බයයි පළාත් සභා මැතිවරණයේ ඡන්ද අඩුවෙන එකට. දැන් හදන්නේ අපේ ටිකෙන් ඒ අපකීර්තිය වහගන්න.  පල නොකියා පලා බෙදෙන කොට තෝරගන්න ඕන මොකක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

හැබැයි රාජ්‍ය ඇමතිධූර සහ සොච්චම් කැබිනට් ඇමතිධුර ගැන හිතලා මධ්‍යම කාරක සභා තීන්දු වෙනස් කරොත් පක්ෂය තවත් දුර්වල වෙනවා. අපි බලාගෙන ඉන්නේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති ගේ තීන්දුව මොකක්ද කියලා . මේ ආණ්ඩුවට අනාගතයක් නෑ .

අපි මොකටද  හෝද හෝද මඩේ දාන තැනට වැටෙන්නේ . අඩුම ගානේ පසුගිය මහ මැතිවරණයේදී තියපු හූව ගැනවත් සිහියට ගන්න ඕන.

නැත්තං පක්ෂය ගැන තියෙන විශ්වාසය  පාක්ෂිකයන්ට නැතිවීම වලක්ව ගන්න බැරි වෙනවා.

කොච්චර ජ්‍යෙෂ්ඨයන්  හිටියත් ඔවුන්ට මතක් කරන්න වෙනවා නිවට කමට පවා සීමාවක් තියෙන බව"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න