කොරෝනාවට මුවා වී ඇඟලුම් සේවයේ අයිතිවාසිකම් කප්පාදු කරලා – ඇඟලුම් සේවක වෘත්තීය සමිති

කොරෝනාවට මුවා වී ඇඟලුම් සේවයේ අයිතිවාසිකම් කප්පාදු කරලා – ඇඟලුම් සේවක වෘත්තීය සමිති

කොවිඩ් 19 වසංගත තත්ත්වයට මුවා වී ඇඟලුම් කර්මාන්ත සේවකයන් ලක්ෂ තුනකගේ පමණ අයිතිවාසිකම් දිගින් දිගටම කප්පාදු කරමින් කර්මාන්තශාලා හිමියන් ලාභ ලබමින් සිටින බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් පවසා තිබේ.

ඉකුත් සමය තුළදී නිදහස් වෙළෙඳ කලාප සේවකයන් 55,000කගේ පමණ රැකියාද අහිමිකොට ඇති බවත් 2020 මාර්තු, අප්‍රේල් සහ මැයි මාසයන්හි සමස්ත නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ දළ මාසික වේතනයෙන් 40%ක පමණ ප්‍රමාණයක් අහිමිකර ඇති බවත් නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම්වරයා පවසයි.

කොවිඩ් වසංගතය උත්සන්නව පැවැති සමයේ වුවද නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන් 275,000කට අධික පිරිසක් රටේ මුළු අපනයනවලින් 40%ක් නියෝජනය කරමින් සේවයෙහි නියුතු වූ බවත් අවම කොන්දේසි කෙරෙහි හෝ අවධානය යොමු නොකොට හාම්පුතුන් විසින් සේවකයන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් නොසලකා හැරීම පිළිබඳව සේවකයන් ඇතුළු වෘත්තිය සමිති දැඩි විරෝධය පළ කරන බවද සමලේකම්වරයා මෙහිදී පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න