ගස් කැපුවට ඔක්සිජන් ආඩු වෙන්නේ නෑ - මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

ගස් කැපුවට ඔක්සිජන් ආඩු වෙන්නේ නෑ - මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ පවසයි.

ඔහු  මෙසේ පැවසුවේ ‘තිරසර සංවර්ධන සංවාදය’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

කොළඹ ඔක්සිජන් අඩු වීම හා මතු වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට ඔහු මෙසේ පිළිතුරු දුන් අතර එහිදී ඔහු  පෙන්වා දුන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම කර්මාන්තශාලා ඇති මැදපෙරදිග සහරා ප‍්‍රදේශයේ බවත් මැදපෙරදිග ඉතා කලාතුරකින් පාරවල්වල රට ඉදි ගස් ඇති නමුත් ඒ රටේ ජනතාවට හොඳට ඔක්සිජන් ඇති බවය.

මැදපෙරදිග මිනිස්සුන්ට ගස් නැතැයි කියා ඔක්සිජන් නැති බවට ප්‍රශ්නයක් මෙතෙක් මතු වී නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීමක් සිදු වී නැති බවත් ගස් කපලා ඔක්සිජන් අඩු කරන්නට නොහැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න