Language Switcher

V2025

සතිදෙකටම හාල් කිලෝ 3යි - වේලකට හාල් ග්‍රෑම් 23යි - බත්කන ජනයාට අබ සරණයි !

ඇට නැති දිව මනාව හසුරමින් හැරෙන හැරෙන අතට බලය ලබා ගැනීමටත් ලබාගත්  බලය කෙසේ හෝ රඳවාගෙන ඉදිරියට යාමට ගජබින්නාලංකාරය දෙසන ඇමති බන්දුල වරෙක ප්‍රකාශ කළේ හතර දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 2500කින් කාබී මාසයක් ජීවත් විය හැකි බවයි.

නමුත් එසේ ප්‍රකාශ කරන කාළ වකවානුවේ හතරදෙනෙකුගෙන් යුතු පවුලකට අවමය රුපියල් 4000ක පමණ මුදලක් යාන්තමින් මසක් ජීවත්වීමට අවශ්‍ය විය.

පවුලකට හාල් කිලෝ 3ක් සති දෙකකට ප්‍රමාණවත් !

ජනතා ස්වර්වජන චන්දයෙන් පත්ව ජනතා බදු මුදලෙන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් උස්මුරුත්තාවට එනතුරු තුම්මුල්ල පිරෙන්න සප්පායම් වන ඇමති බන්දුලලාගේ ආරෝහපරිනාහ දේහ ලක්ෂණ දකින ඕනෑම බත් කන පුරවැසියකුට ඔහු අනුභව කරන ප්‍රමාණය සිතාගත හැක. එසේ ජනතා බදු මුදලෙන් යැපෙන බන්දුල ගුණවර්ධනලා දිගින් දිගටම මෙසේ ජනතාවට කෝචොක් කරමින් තුට්ටු දෙකට දමමින් සමච්චලයට ලක් කරන්නේ රටේ මහජනතාවගෙන් සාතිශය බහුතරය අබ්බ ගොබ්බයන් බවත්, ඔවුන්ව රවටමින් අවැසි වෙලාවට නිසි ලෙස දක්කමින්, ගාල් කිරීමට හැකි ජන කොටසක් බව ඉඳුරාම, බන්දුලලා වටහාගෙන තිබෙන නිසාය.

දිනකට පුද්ගලකුට අවශ්‍ය ආහාර කලරි ප්‍රමාණය කොපමණද ..?

සාමාන්‍යයෙන් වැඩුනු පුරුෂයකුට අවම වශයෙන් දිනකට කැලරි 2000ත් 3000ත් අතර ප්‍රමාණයක්ද, වැඩුනු කාන්තාවකට කැලරි 1600ත් 2400ත් පමණ ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය බව ඇමෙරිකානු රාජ්‍ය ආහාර හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත.. මෙහෙදී ලභා ගන්නා සහල් ප්‍රභේදට අනුව සාමාන්‍යයෙන් සහල් ග්‍රෑම් 100ක ( Glutinous white or red ) අඩංගුවන කැලරි ප්‍රාමාණය 97කි. එසේ නම් බන්දුල ගුණවර්ධනලා කියන ආකාරයට දිනකට සහල් ග්‍රෑම් 23ක් අහාරයට ගන්නා පුද්ගලකුට නිරෝගී සෞඛ්‍යක් පවත්වාගැනීමට නොව අඩුම තරමේ දෛනිකව ජීවය පවත්වාගැනීමට හෝ අවශ්‍ය ආහාර ප්‍රමාණවත්ද? ඝර්මකාලාපීය රටක් ලෙසත් ප්‍රධාන ආහාරය භෝහය පිණිස සහල් වලින් බත සරි කරගන්නා අපේ රටේ ජනතාවගේ කන බත්පතේ ප්‍රමාණය තීරණය කිරීමට තරම් බන්ඩුල ගුණවර්ධනලා පුරවැසි ඔබව පයට පෑගෙන දූවිල්ලක් තරම් මායිම් නොකරන තැනට පත්ව ඇත.

ඇත්තෝ කති බොති ප්‍රීති වෙති - නැත්තන් හට බන්දුලලාගේ අණපරිදි ලෙවකන්නට සිදුවෙති ?

සූර්‍යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමගම නව අවුරුදු උදාවන අතර ඒ වෙනුවෙන් සමස්ථ පුරවැසියන් නව අවුරුදු කෙසේ හෝ යහමින් කා බී ප්‍රීතියෙන් ගතකිරීමට වසරක් පුරා වෙහෙසෙමින් බලාහිඳින අල්ලපනල්ලේ ජනතාවගේ සිතුම් පැතුම් මේ ආකාරයෙන් සමච්චලයට ගෙන පාලන බල අධිකාරියට අවැසි ලෙස මිනිසාගේ ආහාර රටාවට නැතිනම් කුසගින්නේ  ප්‍රමාණය තීරණය කරන්නට තරම් බන්දුලලාට හයියක් බලයක් ලභා දුන්නේ බදු ගෙවන ඔබේ කරගැට මතුවූ දෑතින් ලභාගත් කතිරයේ බලය බව ඔබ පසක් කරගත යුතුව ඇත.

මක්නිසාදයත් හෙට දිනයේ ඔබේ කුසගින්දර නිවන්නට ලභා ගන්නා ආහාර ප්‍රමාණය පමණක් නොව ඔබ හුස්ම ගතයුතුද,නැද්ද, ඔබගේ ලිංගික ජීවිතය සහ ඔබේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඔවුන් විසින් තීරණය කරන දිනය වැඩි ඈතක නැත. සමහරවිටක ඔබේ ජීවත් වීමේ අයිතිය පවා ඔවුන් තීරණ කරන දිනය එනතුරම ඔබ හිරිවැටී මර නින්දේ විය හැක. මේ ඔබට අවදිවීමට කාළයයි. නොඑසේනම් ඔබට කෙසේ වෙතත් මතු පරපුරේ අනාගතයක් ගැන සිතන්නට හෝ අවස්ථාවක් නොඑනු ඇත….

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

-මිලානෝ, ඉතාලිය.