ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි පොලිස් අත්අඩංගුවට !

ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි පොලිස් අත්අඩංගුවට !

යුද්දයේදී ජීවිත අහිමිවූ  ත්‍රිවිධ හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමනක්  අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 

සිය සැමියන්ගේ විශ්‍රම වැටුප ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන යුද්ධයේ දි දිවිපිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්  කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම්කර්යාලය දක්වා සාමකාමි පාගමනක යෙදුන අතර එහිදී මේ සිදුවීම සිදුව ඇත.

අනතුරුව උද්ඝොෂණයේ යෙදුණු 1000කට පිරිස පොලිසියට ගොස් අත්අඩංගුවට ගත් ජඹුරේගොඩ හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා පොලිසිය වටකරගෙන සිටි බවත් දැනගන්නට ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමි කියා සිටියේ මෙම පහරදීම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කළ දෙයක් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න