කුරුණෑගල නව ජාතික රෝහල ඉදිකිරීමට රුපියල් බිලියන 12 ක ප්‍රතිපාදන

කුරුණෑගල නව ජාතික රෝහල ඉදිකිරීමට රුපියල් බිලියන 12 ක ප්‍රතිපාදන

වසර ගණනාවක් පැරණි රෝහලක් වන කුරුණෑගල ශික්ෂණ රෝහල රුපියල් බිලියන 12 ක පමණ වියදමකින් නවීන තාක්ෂණයෙන් යුතු රෝහලක් බවට පරිවර්තනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි‍ ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කුරුණෑගල නව රෝහල ඉදි කිරීමේ කටයුතු පිළබඳ අද දින (09) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

ප්‍රධාන මාර්ග 05 ක් එකිනෙකට සම්බන්ධ වන කුරුණෑගල නගරයේ මෙම රෝහල පිහිටා ඇති බැවින් වෙනත් දිස්ත්‍රික්කවලින්ද විශාල ජනකායක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

කොළඹ ජාතික රෝහලට හා මහනුවර රෝහලට පමණක් දෙවැනි වන කුරුණෑගල මහ රෝහල අක්කර 35 ක භූමි ප්‍රමාණය පිහිටා ඇත. මේ වන විට රෝහලේ ඇති ඇඳන් සංඛ්‍යාව 2374 කි.

රෝහල තුල වාට්ටු සහ ඒකක 84 කි. ශල්‍යාගාර 06 කි. විවිධ රෝග වලට ප්‍රතිකාර කිරීමට සායන 65 ක් ක්‍රියාත්මක වේ. රෝහල තුල වසරකට ශල්‍ය කර්ම 14000 ක් පමණ සිදු කරනු ලබයි. 2020 වසරේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් සංඛ්‍යාව 165875 කි.

එම නිසා ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමට දැනට පවතින රෝහල වෙනුවට නව රෝහලක් ඉදි කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමාගේ ද අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙම සාකච්ඡාවේදී පැවසීය.

මෙම සාකච්ඡාව සදහා වරාය නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ඡොන්ස්ටන් ප්‍රනාන්දු=, ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ වෛද්‍ය සුනිල් ද අල්විස්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පුමුඛ වෛද්‍ය නිලධාරීන්, කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න