Language Switcher

V2025

සෞඛ්‍යයේ බිලියන ගණනක වංචාවක් !  - මධුර CID යයි !

පසුගිය ආණ්ඩු සමයේ රජය මඟින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව පවසමින් 'පොහොට්ටු' පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

2015 ජනවාරි මාසයේ සිට 2019 වසර අවසාන වන තෙක් ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට රෝහල්වලට බෙහෙත් මිලදි ගැනිම් සම්බන්ධයෙන්දැවැන්ත අක්‍රමිකතා වංචාවක් සිදුවී ඇතැයි මධුර විතානගේ මන්ත්‍රීවරයා පවසයි.

2015 – 2019 කාලය තුළ රජයේ රෝහල්වලට සෞඛ්‍ය උපකරණ ඒ වගේම ඒන්නත් මිලදි ගැනිම්වලදි දැඩි අක්‍රමිකතාවයක් දුෂණයක් සිදුව ඇති බවට පෙනි ගිය බවත් ඔහු කියා සිටියි.  ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර ඇති පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

නියමිත ක්‍රමවේදයට පරිබාහිරව ඖෂධ මිලදී ගැනීම් :

ජාතික ඖෂධ අධිකාරිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය 2015 වසරේ සිය 2019 නොවැම්බර් දක්වා නියමිත ක්‍රමවේදයට පරිබාහිරව ඖෂධ මිලදී ගැනීම් හා එහි පාලන අධිකාරිය හා නිලධාරීන් විසින් කරන ලද දූෂණ අක්‍රමිකතා හා මහජන බදු මුදල් අයතා ලෙස පරිහරණය කිරීම පිළිබඳව 1982 අංක 12 දරන රජයේ දෙපලට එරෙහිව වැරදි පිළිබඳ පනත යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමි. සාමාන්‍යයෙන් අප රටේ රෝහල්වලට අවශ්‍යවන බෙහෙත් මැයි මාසයේ අවශ්‍ය වීමට පෙර මීලඟ වර්ෂයේ අවශ්‍යතාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් මණ්ඩලය වෙත දැන්වීම සෑම රෝහලක් විසින්ම කරනු ලබන කාර්යයි. ඉන් අනතුරුව වෛද්‍ය සැපයුම් අංශය සෑම රෝහලකින්ම ලැබෙන ඉල්ලීම් එකතු කොට මීලඟ වර්ෂය සඳහා වන බෙහෙත් වෙන් වෙන් වශයෙන් තීරණය කොට අවශ්‍යතාව අනුව ටෙන්ඩර් කැඳවා රජය වෙනුවෙන් මිලට ගැනීමේ කාර්යය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සිදු කරනු ලබයි.

image

එම ටෙන්ටර් පිටිපාටිය තුළ තාක්ෂණික ඇගයීම් කමිටුව හා ටෙන්ඩර් කමිටු නියමිත ඇගයීම් සිදු කොට රජයට උපරිම අඩුමිලට බෙහෙත් මිලට ගැනීම සිදු කළ යුතු අතර එහිදී ගුණාත්මාකභාවයද සැලකිල්ලට ගත යුතු බව දන්වා ඇත. එසේ වුවද සෑම ඖෂධයක්ම සැපයීමට පෙර එම ඖෂධ්‍ය සඳහා ලියාපදිංචියක් ලබා ගතයුතු අතර එකී ලියාපදිංචිය නොමැතිව ඖෂධ පැපයීමට හෝ මෙරටට ගෙන්වීම සිදු කළ නොහැක.

image 2

එසේ අතිවිශාල මුදලක් ගෙවා නැතහොත් අසාමාන්‍ය මුදලක් ගෙවා මිලදී ගෙන ඇති බෙහෙත් වර්ග ඉතා විශාල ගණනක් ඇති අතර ඊට අදාළ තොරතුරු මේ සමග ඉදිරිපත් කරමි.

ඒ අනුව සලකා බැලීමේදී පෙනීයන්නේ ඇතැම් අවස්ථාවල ඇතැම් ඖෂධ තෝරාගත් සැපයුම්කරුවන්ට පමණක් ලබා දීම සඳහා සැපයුම්කරුගේ ලියාපදිංචිය ප්‍රමාද කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් ටෙන්ඩර් පටිපාටිය තුලදී අසාමාන්‍ය ලෙස බෙහෙත් සඳහා ඉතා විශාල මුදලක් අයකරන බව පෙනී තිබියදීත්, එය නොසලකා හැරීමෙන්ද ඇතැම් විටක සැබෑ ඖෂධ අවශ්‍යතාවය සම්බන්ධයෙන් නියමිත තොරතුරු සොයා බැලීමක් නොකොට, එසේම වෙළෙඳපොලේ මිල ගණන් පිළිබඳ විමසීමක් හෝ නොකොට අසාමාන්‍ය ලෙස අති විශාල මිලගණන් අනුමත කිරීමෙන් ටෙන්ඩර් ක්‍රිවාවලිය තුළ සුවිශාල වංචාවක් සිදු වී ඇත.

බැලූ බැල්මට ඉහත කී ආකාරයට රජයට වංචා කොට ඇති මුදල රුපියල් බිලියන ගණනකි.  ඒ අනුව අදාළ රජ්‍ය නිලධාරීන් හා ආයතනවල පුද්ගලයින් 1982 අංක 12 දරන රජයේ දෙපලට එරෙහිව වැරදි පිළිබඳ පනතේ 2,3,4,5 වගන්තීන් යටතට වැටෙන සාපරාධී වරද සිදු කොට ඇති බව බැලූ බැල්මට පෙනී යයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කොට අදාළ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.'

IMG 20210410 WA0002

IMG 20210410 WA0003