සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක නිරතව සිටිනවා- අගමැති

සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක නිරතව සිටිනවා- අගමැති

ජනතාව මත පැටවෙන පීඩා ආණ්ඩුව මත තබා ගනිමින්, රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක නිරතව සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

අලුත් වන සිතුම් පැතුම් සමඟ අප හමුවේ ඇති අභියෝගයන් ද සැලකිල්ලට ගනිමින් සෞභාග්‍යයමත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළැඹ ඇති බව අගමැතිවරයා එම පණිවුඩයෙන් පෙන්වා දෙයි.

එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

සමස්ත ශ්‍රී ලාංකේයන්ගේ නැවුම් බලාපොරොත්තු ඉටුවන සිංහල හින්දු අලුත් අවුරුද්දක උදාව නිමිත්තෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි. අපේ රටේ ජනතාව අනාදිමත් කාලයක සිට හෙළ චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සමඟ එක් වෙති.

ගොවිතැන මූලික හරය කරගනිමින් මිනිසුන් අතර බැඳී පවතින සංස්කෘතිකමය වටිනාකමකින් යුතු සමාජ පිළිවෙත් අලුත් අවුරුද්ද සමඟ යළි සිහිපත් වේ.රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස ඔබ කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී තිබේ.

එබැවින් සෞඛ්‍ය පිළිවෙත් සිහි තබාගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි.

ඒ සඳහා එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේ දී අපි සියලු දෙනා අදිටන් කරගමු.

ඔබ සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! යැයි මම ප්‍රාර්ථනා කරමි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න