ආණ්ඩුව දෝෂාරෝපණය වන්නේ ජනාධිපති හිට්ලර් නොවීම නිසා - දිලුම්

ආණ්ඩුව දෝෂාරෝපණය වන්නේ ජනාධිපති හිට්ලර් නොවීම නිසා - දිලුම්

අද ආණ්ඩුව යම් යම් දෝෂාරෝපණවලට ලක් වන්නේ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු නොවීම නිසා බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම  සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ  ජනාධිපති කරවීම සඳහා ඡන්දය ලබා දී ඇති 69 ලක්ෂයක ජනතාව බලාපොරොත්තු වූයේද හිට්ලර් වැනි ඒකාධිපති පාලකයෙක් බවද ඔහු සඳහන් කළේය.

මෑත දිනවලදී ඇතැම් භික්‍ෂූන් වහන්සේලාද එම අදහස මතු කල බවත් කී ඇමතිවරයා නමුත් ජනාධිපතිවරයාට එකවර හිට්ලර් කෙනෙකු වීම සඳහා කැමැත්ත ඇතැයි තමන් නොසිතන බවද සඳහන් කළේය.

නමුත් සමහර අන්ත ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලු විට ජනාධිපතිතුමා හිට්ලර් කෙනෙකු වෙනු ඇතැයිද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න