කොවිෂීල්ඩ් දෙවන මත්‍රාවට එන්නත් තියනවද? ලැබුණොත් දෙන එක හොදයිද ? සෞඛ්‍ය අමාත්‍යාංශය දෙලොවක් අතර !

කොවිෂීල්ඩ් දෙවන මත්‍රාවට එන්නත් තියනවද? ලැබුණොත් දෙන එක හොදයිද ? සෞඛ්‍ය අමාත්‍යාංශය දෙලොවක් අතර !

කොවිෂීල්ඩ්  එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව ලොව පුරා තීන්දු  ගනිමින් සිටියදී, එක් මාත්‍රාවක් පමණක් අයාලේ විද, දෙවන මාත්‍රාව සොයාගත නොහැකිව සිටින ශ්‍රී ලංකාව, එන්නතෙහි සංකූලතා පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති තත්ත්වයකට පත්ව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. 

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරන අතර වැඩිදුරටත් මෙසේද පවසයි.

ශ්‍රී ලංකාව තුළ ද රුධිර කැටි ගැසීම පිළිබදව  සැකසහිත මරණ සිදුවී ඇති නමුත්, ඒවා එන්නත හේතුවෙන් සිදු වූයේද යන්න හෝ එසේ නොවන්නේ ද යන්න පිළිබඳව තහවුරු කිරීමට හැකියාවක් නැහැ. 

පසු එන්නත් කරණය පිළිබඳව කිසිදු පර්‍යේෂණයක් හෝ  අවම තරමින් ජාතික මට්ටමේ සායනික තොරතොරු පිළිබඳව විමසිලිමත්වන කමිටුවක් පවා මෙතෙක් පත් කර නැහැ.

එන්නත්වේදය පිළිබඳව විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නැහැ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත් වේදී තනතුරට ක්ෂුද්‍රජීවී වේදියෙකු පත්කර එන්නත් වේදය පිළිබඳ අඳුරේ අතපත ගෑම වෙනුවට විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයකු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටතින් හෝ විදේශයකින් හෝ බඳවා ගනිමින්, එන්නත්කරණයේ පසු තත්ත්වයන් පිළිබඳව ජාතික මට්ටමේ පර්යේෂණ වහා ඇරඹිය යුතුයි.

එන්නත මත පමණක් පදනම් නොවෙමින්, කොවිඩ් පාලනය සිදු කල රටවල් ගණනාවක්, කෝවිඩ් පාලණයේ ඉදිරි රටවල් බවට පත්ව ඇති මොහොතක, "පරීක්ෂණ කිරිම - වෙන් කිරීම" යන ක්‍රමවේදය යටතේ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සිදුකළ හැකිව තිබියදී, එය නොසලකා හැරීම, අමාත්‍යාංශයේ වැරදි තීරණයක්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න