අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් විමල් වීරවංශ , උදය ප්‍රභාත් ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් නැගිට ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම නැගිටයාමට හේතුව ලෙස සඳහන් වන්නේ පක්ෂ නායකයන් නොවන පිරිසක් ද මෙම රැස්වීමට කැදවා තිබීමය.
ඒ අනුව පක්ෂ නායකයන්ට අමතරව මෙම රැස්වීමට විවිධ සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් 51 දෙනකු සහභාගී වී සිටි බව දැනගන්නට තිබේ.
එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සදහන් කොට ඇත්තේ මෙම රැස්වීම සදහා ඒ සියල්ලන්ටම ආරාධනා කළ බවය.
ඒ අනුව විමල් වීරවංශ අමාත්‍යවරයා මේ කැඳවා ඇත්තේ පක්ෂ නායක රැස්වීමක් නොවන බවත්, යළිත් පක්ෂ නායක රැස්වීමක් කැදවුවහොත් ඊට සහභාගී විය හැකි බවත් දැනුම් දෙමින් රැස්වීමෙන් පිටව යාමට කටයුතු කර ඇති බව වාර්තා වන අතර පසුව උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ද එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

