පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මේ බව සඳහන් කරන්නේ පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ සහ ඔහුට හිතවත් ජාතික සංවිධාන උපදේශකත්වයෙන් ඇති ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවියයි.
මැති ඇමතිවරුන් පිරිසක් ,ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන අයට එරෙහිව විනය පියවර ගන්නැයි අද පැවැත්වෙන ආණඩු පක්ෂ රුස්වීමේදී ඉල්ලීමක් කිරීමට සූදානමින් සිටින බවද ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පවසා ඇති බවත් එහි දැක්වේ.
මේ අතර අද පෙරවරුවේ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් කැඳවා තිබූ නමුත් ඊට ආණ්ඩුවේ සහයක සංවිධාන වල නියෝජිතයන්ද කැඳවීමට විරෝධය දක්වා ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ප්‍රභාත් ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර නැගිට ගොස් ඇත.

