කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත : පෙත්සම් විභාගය 20ට කල්තබයි !

 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත : පෙත්සම් විභාගය 20ට කල්තබයි !

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට  ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (19) ආරම්භ වූ අතර එහි  වැඩිදුර විභාගය හෙට (20) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනිණි. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජනතා විමුක්ති පෙරමුණ, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව 20 ක් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වෙයි.මේ අතර ආණ්ඩුව අභ්‍යන්තරයේ ද මෙම  කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධව විවාදකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් අද (19) සවස අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇත.

ගම්මන්පිළ මාධ්‍යට කියපු කතාව !

මාධ්‍යය විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා වෙතින්  කළ විමසීමකදී පවසා සිටියේ කොළඹ වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පත, පනත් අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් මෙම කමිටුවට යොමුකර අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතත් වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පත කමිටුවට ඉදිරිපත් කර නොමැති බව තහවුරු වේ.

පනත් අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවට කැබිනට් අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ උදය ගම්මන්පිල සහ නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරු ඇතුළත් වෙති.පසුගිය සිකුරාදා (16 ) පස්වරුව වන විට කොළඹ වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විස්සක් ගොනුකර තිබුණි.

ඇතැම් පෙත්සම්වලින් ජනමත විචාරණයක් පැවැත්වීමටද නියෝග නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. මෙම පෙත්සම් අද (19) විභාගයට ගැනීමට නියමිත අතර අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව රජයට සම්බන්ධ වාර්තා පවසයි.

කෙසේ වුවද පසුගිය යහපාලන ආණ්ඩු සමයේ කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් කොටසක් ලෙසත්, කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශයක් බවටත් යහපාලන රජයේ ස්වදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ වජිර අබේවර්ධන මහතා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න