රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස මොහාන් සමරනායක වැඩ අරඹයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ  ලෙස මොහාන් සමරනායක වැඩ අරඹයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලෙස නිවැරදි තොරතුරු, නිවැරදිව ජනගත කිරීමට කටයුතු කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළින් අපේක්ෂිත කාර්යය භාරය ඉටු කිරීමට හැකි උපරිම උත්සාහය ගන්නා ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක  පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) අභිනව ධුරයේ රාජකාරි භාරගනිමින් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ඉල්ලා සිටියේ, ජනතාව වෙනුවෙන් යහපත්, සාධාරණ හා යුක්තිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන ලෙසත් ඒ සඳහා නිවැරදි තොරතුරු භාවිතා කරන ලෙසත්ය.

කවර හෝ රටක ප්‍රගමනයේදී අතිශය වැදගත් සාධකයක් ලෙස තොරතුරු, ප්‍රවෘත්ති හා දැනුම නම් කළ හැකි බවත් දැනුම හා තොරතුරු පාලනය කරන්නා හට රටත් ජනතාවත් පාලනය කළ හැති බවත්, නිවැරදි තොරතුරුවලින් ජනතාව සන්නද්ධ කරන ප්‍රමාණයට ජනතාව නිවැරදි තොරතුරු ගන්නා බවත්, ඒ නිවැරදි තොරතුරු හරහා පවත්නා ආණ්ඩුවේ ආර්ථික, සමාජයීය හා දේශපාලනික ප්‍රතිපත්ති සාර්ථක කරගැනීමට හැකියාවක් පවතින බවත්, මොහාන් සමරනායක වැඩිදුරටත් පැවසීය.

එම නිසා නිවැරදි තොරතුරු ලබා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යභාරය ප්‍රශස්ත මට්ටමට දියුණු කරගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න