රටේ පරිසර දූෂණයට වැඩිවශයෙන්ම දායකත්වයක් සපයන්නේ විදුලිබල ක්ෂේත්‍රය සහ ප්‍රවාහන ක්ෂේත්‍රය බවත්, ඒ පිළිබදව සැලකිළිමත් වෙමින්, පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් රුක් රෝපණය සදහා යොමුවීම ජාතික වගකීමක් බවත්, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කරයි.
සිංහල සහ හින්දු අළුත් අවුරුදු වෙනුවෙන් අද (19) පෙරවරුවේ සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු අරඹමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
විදුලිබල අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවක පිරිස් එක්රැස්වී පැවති මෙම කෙටි උත්සව අවස්ථාවට සභභාගී වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් නිලධාරීන් වෙත පැල බෙදාදීමක්ද සිදු කරන ලදි.
මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් ඇතුළු විදුලිබල අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශ සේවක පිරිස් සහභාගි වූහ.
{gallery}ruk{/gallery}

