යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය GMOA කියයි

යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය GMOA කියයි

පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

වැඩිදුරටත් ඔහු පැවසුවේ කොවිඩ්-19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් දේශපාලනීකරණය නොකළ යුතු බවය.

එහිදී අදහස් දැක්වු වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේ,

"රජය ගතයුතු වැඩපිළිවෙළ අතර සංචරණ සීමා කිරීමේ යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍ය කර තිබෙන බව අපි දකිනවා. ඒ සංචරණ සීමා නීති හරහා සිදුකරනවා. ජනතාවටත් ආකල්ප වශයෙන් වෙනසක් කරගත යුතු වෙනවා. මේ ආකල්පවල වෙසක් සිදුනොවුනොත් මේ කෙතරම් නීති දැම්මත් අපට ගෝලීය වසංගතයක් පාලනය කිරීම සීමා සහිත වෙනවා. මේ මොහොත වනවිට පවතින රෝගී තත්ත්වය කළමනාකරණය කරගත හැකිව තිබෙනවා. හැබැයි මේ ඉදිරි දිනවලද‍ීත් සංචරණ සීමාවලින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම ජනතාව තමන් හිතලා වගේම අනිත් පැත්තෙන් රජය හැටියට යම් ආකාරයක සංචරණ නියාමන පැනවීම තුළ, හැයාවක් ලැබෙනවා මේ රෝගය පැතිර යෑම වළක්වන්න. බොහොමයක් තැන්වල අපි දකිනවා දේශපාලන කෝණයකින් දකින ආකාරයක් ගැන. විවිධ අය තමන්ට වාසිදායක වෙන ආකාරයට. ඒ කියන්නේ රෝග පාලනයවීමේ වාසිය එක් පිරිසක් ගන්න උත්සහ කරනවා. පාලනය නොවීමේ තත්ත්වය තව පිරිසක් දේශපාලනීය වාසි කරගන්න හදනවා. පක්ෂ විපක්ෂ වලට අපි ඉල්ලීමක් කරනවා මේක සෞඛ්‍ය අංශවලට ඔවුන්ගේ තීරණ මත කරගෙන යාමට ඉඩ දෙන්න." යනුවෙනි.

තවද, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව පිරිස ඒකරාශී වන කිසිදු උත්සව අවස්ථාවක් සංවිධානය කිරීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ අතර එළඹෙන දීර්ඝ සති අන්තය තුළදී සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීතීන්ට අනුව කටයුතු කිරීම සම්බන්ධව අමතර පොලිස් නිලධාරීන් යොදවා සොයා බැලීම් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න