පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ කරුණු සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ නම් තමන් ඊට විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ගැටලුවක් නොමැති බවත්, අත්අඩංගුවට ගැනීමට තමන් විරුද්ධ බවත්ය.
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමට යන්නේ මීට වසර 2කට ඉහතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
(මුලාශ්‍රය - මව්රට )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
