වැඩට යෑමට වඩා ජීවත් වෙනවාද නැද්ද කියන දේ තමයි වැදගත් - වෛද්‍ය සුසී පෙරේරා

වැඩට යෑමට වඩා ජීවත් වෙනවාද නැද්ද කියන දේ තමයි වැදගත් - වෛද්‍ය සුසී පෙරේරා

ආයතනයෙන් ආයතනයට සදහන් කරමින් ඒ්වාට අදාළ සෞඛ්‍ය මාර්ගඋපදේශ නිකුත් කර ‌නොමැති වුණත් මේ අවස්ථාවේදී ආයතන ප්‍රධානීන් සිහිබුද්ධියෙන් තීන්දු තීරණ ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ‌‌සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සේවා II) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පවසයි.

අද පුවත්පත කළ විමසීමකදී ඇය මේ බව පවසා ඇත.

''මේ මොහොතේ වැඩට යනවාද නැද්ද කියන ඒක නෙවෙයි ජීවත් වෙනවාද නැද්ද කියන දේ ගැන තමයි දැන් ප්‍රශ්නය තියෙන්නේ. ඒ් ගානට දැන් ඇවිත් තියෙන්නේ.ඒ් නිසා සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.

තමන්ගේ රාජකාරිය හෝ ආයතනවල සිදු කරන කාර්යය භාරය කුමක් වුවත් ඒය ආයතනයක් සේ සලකා කටයුතු කළ යුතුයි. ආයතන ප්‍රධානීන් තමන්ගේ ආයතන කුමන ක්ෂේත්‍රයට අයිතිවන්නේද යන්න සලකා මාර්ගඋපදේශ සංග්‍රහයට අනුව කටයුතු කිරීම වැදගත්. අඩුම ගානේ සුමාන දෙක තුනක්වත් ඉවසලා ජීවත් වෙන්න උත්සාහ කරන්න, ඒය තමයි මට දෙන්න පුළුවන් උපදේශය"

ada

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න